සිනමා ක්ෂෙත්රයෙහි ඉහළ නමක් දිනා ප්රමුඛ පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ ඔහුගේ බිරිය
ඝාතනය කර තිබියදී හමුවීමේ සිදුවීමක් ඉරානයෙන් වාර්තා විය.
83 හැවිරිදි Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ Vahideh Mohammadifar ගේ සිරුරු , සෙනසුරාදා සවස ටෙහෙරාන් අගනුවර අසල පිහිටි ඔවුන්ගේ නිවසේ දී, පිහි ඇනුම් තුවාල සහිතව සොයා ගත් බව ඉරාන බලධාරීහු පවසති.
මියගිය Mehrjui ඉරාන නව සිනමා රැල්ලේ ආරම්භකයකු ලෙස සැලකේ.
මෙම මරණ සම්බන්ධයෙන් සැක සහිත පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Mehrjui සෙනසුරාදා රාත්‍රියේ රාත්‍රී ආහාරය සඳහා Karaj නගරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණෙන ලෙස තම දියණියට ආරාධනා කර තිබේ.
ඇය නිවසට ඇතුළු වන විට , ඇයගේ දෙමාපියන්ගේ සිරුරු හමුවූ බව පැවසේ.
තරුණයෙකු ලෙස එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබා පසුව ප්‍රංශයේ වසර පහක් ජීවත් වූ Mehrjui, ප්‍රථම වරට ජාතික හා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වූයේ 1969 දී ඔහුගේ The Cow චිත්‍රපටියෙනි.
ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන අනෙක් චිත්‍රපට ලෙස Hamoun සහා The Pear Tree and Leila දැක්විය හැකිය.
ඔහු වසර ගණනාවක් පුරා සම්මාන රාශියක් ලබා ගත් අතර ඔහුගේ චිත්‍රපට ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවලදී සම්මානයට පාත්‍ර විය. , එහෙත් ඇතැම් චිත්‍රපට වාරණය හේතුවෙන් ප්‍රචාරණය නොවීය.
මෙම ගාතනය ඔහුගේ චිත්‍රපට මතවාදයන් සමග ගැටෙන කන්ඩායම ක්‍රියාවක් බවට සැක කෙරේ.
තිර රචකයෙකු සහ ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන මොහොමඩිෆාර් නමැත්තෙකුද තමන්ට තර්ජනය කර නිවසේ ඇති දෑ සොරකම් කර ඇති බවට පසුගියදා පැමිණිලි කර තිබුණි.
0 Comments