Hamas-labyrinth-tunnels

ඊශ්‍රායලය පවසන්නේ සෙනසුරාදා පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම පෙර නොවූ විරූ ලෙස දිගින් දිගටම ප්‍රතිප්‍රහාර දියත් කරන බැවින්, හමාස් විසින් ගාසා තීරයට අභ්‍යන්තරයේ ඉදිකරන ලද රහසිගත උමං මාර්ගයන් වලට පහර දෙන බවයි.

"ගාසා තීරය සිවිල් වැසියන් සඳහා පළමු ස්ථරයක් හා හමාස් සදහා දෙවන ස්ථරයක් ගොඩනගා ඇත. අපි උත්සාහ කරන්නේ හමාස් විසින් ගොඩනගා ඇති එම දෙවන ස්ථරයට යාමටයි. මේවා ගාසා සිවිල් වැසියන් සඳහා නිර්මාණය කරන ලද බංකර් නොවේ. එය හමාස් සහ අනෙකුත් ත්‍රස්තවාදීන්ට පමණක් නිර්මාණය කල ඒවා වෙයි. ඔවුන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමට, මෙහෙයුම් සැලසුම් කිරීමට, ඊශ්‍රායලයට ත්‍රස්තවාදීන් දියත් කිරීමට සැලසුම් සකස් කරනු ලබන්නේ මෙම ස්ථානයේ සිටයි. "  යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශකයෙකු පැවසීය .

ඊශ්‍රායලය "ගාසා මෙට්‍රෝ" ලෙස නම් කර ඇති ජාලයේ ප්‍රමාණය තක්සේරු කිරීම ඉතා අපහසුය.

නමුත් එය කිලෝමීටර් 41ක් (සැතපුම් 25ක්) දිග සහ කිලෝමීටර් 10ක් පළලින් යුත් භූමි ප්‍රදේශයකට යටින් විහිදෙන බව විශ්වාස කෙරේ.

 IDF කියා සිටියේ , 2021 දී  සිදු කල ගුවන් ප්‍රහාරවලින් කිලෝමීටර 100 කට වඩා ප්‍රමාණයක විහිදුණු උමං මාර්ග විනාශ කළ බවයි. මේ අතර හමාස් සංවිධානය කියා සිටියේ තම උමං මාර්ග කිලෝමීටර් 500ක් විහිදී ඇති බවත් පහර වැදී ඇත්තේ 5%ක් පමණක් බවත්ය.

2005 දී ඊශ්‍රායලය සිය හමුදා සහ පදිංචිකරුවන් ඉවත් කර ගැනීමට පෙර ගාසා තීරයේ උමං ඉදිකිරීම් ආරම්භ කර ඇත.

 හමාස් සහ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් විසින් වාණිජ භාණ්ඩ, ඉන්ධන සහ ආයුධ ජාවාරම් කිරීම සඳහා ඊජිප්තු දේශසීමාව යටින් දිවෙන උමං මාර්ග 2,500කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරන ලදී .

2006 දී, සටන්කාමීන් ඊශ්‍රායල දේශ සීමාවේ සිටි ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු මරා දමා තවත් අයෙක් අල්ලා ගැනීමටත්, ඔහුව වසර පහක් වහල්භාවයේ තබා ගැනීමටත් මෙම උමං මාර්ග යොදා ගත්හ.

2013 දී,  නිවැසියන්ට ඇසුණු අමුතු ශබ්ද සම්බන්ධයෙන් IDF විසින් සිදු කරන ලද  සෝදිසි කිරීමකදී ,ඊශ්‍රායල කිබුට්ස් අසල වූ  කොන්ක්‍රීට් වහලක් සහ බිත්ති සහිත කිලෝමීටර් 1.6 ක් දිග, මීටර් 18 ක් ගැඹුරු උමගක් සොයා ගන්නා ලදී.

ඊළඟ වසරේ,  එවැනි "ත්‍රස්ත උමං" භාවිතා කරමින් සිදු කරන සටන්කාමීන්ගේ ප්‍රහාරවල තර්ජනය මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාවය සඳහන් කළේය.



IDF කියා සිටියේ තම හමුදාවන් යුද්ධයේදී උමං මාර්ග 30කට වඩා විනාශ කළ බවයි.

"දේශසීමා උමං මාර්ග ප්‍රාථමික වන අතර එයින් අදහස් කරන්නේ ත්‍රසතයන්ට බලකොටුවක් නොමැති බව" , යැයි ඊශ්‍රායල රීච්මන් විශ්ව විද්‍යාලයේ භූගත යුද්ධ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩැෆ්නි රිචමන්ඩ්-බරක් පවසයි.

"ගාසා තීරයේ උමං මාර්ග නිරතුරුව වෙනස් වන්නේ හමාස් සංවිධානය ඒවා නිතිපතා භාවිතා කරන බැවිනි. ඒවා තුල දිගු කාලයක් සිටීමට හැකි වන පරිදි වඩාත් සුව පහසු විය හැකි වන අතර ඒවා අනිවාර්යයෙන්ම දිගු, තිරසාර පැවැත්මක් සහිල උමං මාර්ග විය හැක."

"නායකයින් එහි සැඟවී සිටිති, ඔවුන්ට අණදෙන සහ පාලන මධ්‍යස්ථාන ඇත, ඔවුන් ඒවා ප්‍රවාහන සහ සන්නිවේදන මාර්ග සඳහා භාවිතා කරයි"

ඇලෙප්පෝ හි සිරියානු කැරලිකරුවන්ගේ සහ මොසුල්හි ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) කණ්ඩායමේ ජිහාඩ් සටන්කාමීන්ගේ උපක්‍රම නිරීක්ෂණය කිරීම තුලින් හමාස් මෑත වසරවල උමං තැනීමේ සහ යුද්ධයේ “කලාව පරිපූර්ණ” කර ඇති බව පෙනේ.

ගාසා තීරයේ උමං මාර්ග මතුපිටින් මීටර් 30ක් (අඩි 100ක්) තරම් පහළින් ඇති බව විශ්වාසයයි. ගාසා තීරයට ආධාර වශයෙන් ලබා දුන් ඩොලර් මිලියන ගණනක් උමං මාර්ග නිර්මාණයට යොදා ගත් බවට මෙන්ම පෙර යුද්ධවලදී විනාශ වූ නිවාස නැවත ගොඩනැඟීමට ලබා දුන් සිමෙන්ති ටොන් ගණනක් හමාස් වෙත හරවා යැවූ බවට IDF චෝදනා කරයි.

පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයේ ප්‍රහාර වලදී හමාස් සටන්කාමීන් විසින් දේශසීමා උමං මාර්ගයක් භාවිතා කර ඇති අතර, එම ප්‍රහාරය නිසා අවම වශයෙන් පුද්ගලයින් 1,300 ක් මිය ගොස් ඇති බව වාර්ථා වෙයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන් වෙයි. තවත් 150 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන ඇත. සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් සමූල ඝාතනය කරන ලද Kfar Aza හි උමං මාර්ගයක් සොයා ගත් බවට වාර්තා විය.



ගොඩබිම් මෙහෙයුමක් සඳහා ලක්ෂ සංඛ්‍යාත භට පිරිසක් රැස්ව සිටින බැවින්, ගාසා තීරයේ හමාස්ගේ සමස්ත උමං ජාලය විනාශ කිරීමට IDF හට හැකි වනු ඇතැයි විශ්වාස කිරීම යථාර්ථවාදී නොවන බවට ඇය අනතුරු අඟවයි.

උමං මාර්ග විනාශ කිරීම සැලකිය යුතු ජීවිත හානියකට ද තුඩු දෙනු ඇති බවටද ඇය අනතුරු අඟවයි.

සෙනසුරාදා සිට මේ දක්වා වූ කාල සීමාවේ දී ,ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් 1,500 කට වැඩි පිරිසක්, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් දැනටමත් මිය ගොස් ඇත.

"හමාස් සංවිධානය මිනිස් පලිහ භාවිතා කිරීමට ඉතා දක්‍ෂයි." යැයි ආචාර්ය රිචමන්ඩ්-බරක් පවසයි.

2021 ගැටුම අතරතුර, ගාසා නගරයේ විනාශකාරී ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් නේවාසික ගොඩනැගිලි තුනක් බිමට කඩා වැටී 42 දෙනෙකු මිය ගියේය. IDF පැවසුවේ එය භූගත උමං මාර්ග ඉලක්ක කර ගත් නමුත් , උමං මාර්ග කඩා වැටෙන විට ගොඩනැගිල්ලේ අත්තිවාරම් ද කඩා වැටුණු බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදාවන්ට අවදානම අවම කිරීමට ක්‍රම කිහිපයක් තිබේ.

Soufan සමූහ ආරක්ෂක උපදේශන ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ කොලින් ක්ලාක්ට පවසන්නේ ,
සොල්දාදුවන් විසින් උමං මාර්ග ඉවත් කිරීමට පෙර, ඒවා සිතියම් ගත කිරීම සහ මර උගුල් හඳුනා ගැනීම සඳහා උමං මාර්ගවලට ඩ්‍රෝන යානා සහ මිනිසුන් රහිත වාහන යැවීම සිදු කල හැකි බවයි.