Lawsuits-against-Instagram-for-harming-the-mental-health-of-young-people

තරුණයින් අතර මානසික සෞඛ්‍ය අර්බුද ඇති කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන Meta වෙත නඩුක් ගොනුවී  ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එක්සත් ජනපද ප්‍රාන්ත බොහෝ ගණනක් නියෝජනය කරමින් ප්‍රකාශයට පත් කරන ලද ෆෙඩරල් නඩුවකින මෙම චෝදනා ගොනුවී තිබේ.
පෙත්සම්කරුවන් පවසන්නේ සමාගම එහි වේදිකාවල ඇති "සැලකිය යුතු අන්තරායන්" සඟවන අතරම, පරිශීලකයන් "උගුලට හසුකර ගැනීමට" ඇබ්බැහි වීමේ විශේෂාංග භාවිතා කරන බවයි.



මෙටා "වංචනික" හැසිරීම් වල නිරත වීමෙන්  එක්සත්ජනපද පාරිභෝගික ආරක්ෂණ නීති කඩ කර ඇති බවද නඩුවේ සඳහන් විය. ළමා ඔන්ලයින් රහස්‍යතා ආරක්ෂණ පනත යටතේ ඇති වගකීම් පැහැර හරිමින් සමාගම වයස අවුරුදු 13 ට අඩු ළමුන් පිළිබඳ දත්ත රැස් කළ බව ද එහි සඳහන් වේ.

 නඩුවට ඇමරිකානු ප්‍රාන්තවල නීතිපතිවරුන් 33 දෙනකු අත්සකන් කර ඇති අතර එක් අයෙකු වන නිව් යෝර්ක් නීතිපති ලෙටිටියා ජේම්ස් මෙය ඉතා බරපතල තත්වයක් බව පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙටා හි ප්‍රකාශකයෙකු පැවසුවේ, තම සමාගම “දැනටමත් යෞවනයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා මෙවලම් 30 කට වඩා හඳුන්වා දී ඇති” බවයි.



මෙටා සහ එක්සත් ජනපදයේ අනෙකුත්  සමාජ මාධ්‍ය සමාගම් රැසක්, මානසික සෞඛ්‍යයට ඇති බලපෑම සම්බන්ධයෙන් පවුල්, තරුණයින් සහ පාසල් විසින් ගොනු කරන ලද නඩු සිය ගණනකට  මුහුණ දී ඇත.