බ්‍රිතාන්‍යයේ නොර්ෆොක් ගුවන් තොටුපල ආසන්නයේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබේ.
සැහැල්ලු ගුවන් යානයක් ගුවන් තොටුපළකට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.
එය සිදු වූයේ අඟහරුවාදා සවස 3.40 ට පමණ උතුරු නොර්ෆොක්හි බ්ලැක්නි අසල ලැන්ග්හැම් එයාර්ෆීල්ඩ්හිදී ය.
ආසන හතරේ සැහැල්ලු ගුවන් යානයක් වන මෙහි සිටි පුද්ගලයන් තිදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වන අතර, ඔවුන් නොර්ෆොක් සහ නොර්විච් විශ්ව විද්‍යාල රෝහල වෙත ගෙන යන ලදී.
නැගෙනහිර එංගලන්ත ගිලන්රථ සේවා භාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේ තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් සහා නව යොවුන් වියේ පිරිමියෙකුද සිටි බවයි.
නොර්ෆොක් පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවේ “ලැන්ග්හැම් ගුවන් තොටුපළේ හදිසි සේවා මේ වන විට ස්ථානගත කර ඇති බවයි.
“ගුවන් යානයේ සිටි පුද්ගලයින් තිදෙනා නොර්ෆොක් සහ නොර්විච් විශ්ව විද්‍යාල රෝහලට ගෙන ගොස් ඇති අතර ඔවුන් අසාධ්‍ය නමුත් ස්ථාවර තත්ත්වයේ පසුවන බවත්, නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටිමින් සෝදිසි කිරීම් ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ගිනි නිවන භටයින් තිදෙනෙකු සහ ජල බවුසරයක් එම ස්ථානයට යවා ඇති බව නොර්ෆොක් ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවය පවසයි.
0 Comments