ගිනිකොනදිග ඉන්දියාවේ ඉරිදා දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් සිට ඔඩීෂා ප්‍රාන්තයේ රයාගඩා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විජයනගරම් දිස්ත්‍රික්කයේ දී ඉදිරියෙන් පැමිණි දුම්රියක ගැටීම නිසා රැහැනක් කැඩී යාමෙන් නතර වී ඇති බව රොයිටර් වාර්තා කරයි.
එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් රැගත් දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති බව වාර්තා විය.
මූලික විමර්ශනයකින් අනාවරණය වූයේ දුම්රියේ “සංඥාව නොතකා හැරීම” නිසා ඇති වූ “පුද්ගල දෝෂයක්” ගැටීමට හේතු වූ බවයි.
අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය කියා සිටියේ තුවාල ලැබූවන්ට ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහතික කිරීම සඳහා කඩිනම් සහන පියවර ගන්නා ලෙසයි.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාර්යාලය පැවසුවේ ඉරිදා ඔහු අනතුර සම්බන්ධයෙන් ඊට වගකිවයුතු පිරිස් සමග සාකච්චා කළ බවයි.
ඔහු වැඩි දුරටත් සදහන් කලේ බලධාරීන් විපතට පත් වූවන්ට හැකි සෑම සහයක්ම ලබාදෙමින් සිටින බවයි.
අගමැතිවරයා විපතට පත් පවුල්වලට ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබිණ.
0 Comments