aishwarya-gown-paris

බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් ඔක්තෝබර් 1 වන දින පැරිස් විලාසිතා සතියේදී L'Oreal සඳහා දිලිසෙන රන් ගවුමකින් සැරසී සිටියාය.
L'Oreal  නමැති මෙම ප්‍රකට රූපලාවණ්‍ය සන්නාමයේ විලාසිතා ප්‍රදර්ශනයට ඓශ්වර්යා, Kendall Jenner, Dame Helen Mirren, Elle Fanning සහ Eva Longoria වැනි ජාත්‍යන්තර තරු කිහිපයක්  එක් වූහ .
L'Oreal's Walk Your Worth ප්‍රසංගය සඳහා බර කැරට් 24 රන් ගවුමකින් සැරසී සිටි ඓශ්වර්යා සියල්ලන්ම මවිතයට පත්කළාය .  ෆල්ගුනි සහ ෂේන් පීකොක් විසින් සරසන ලද  මෙම ගවුම  දිලිසෙන සැරසිලි වලින් පුරවා ඇති අතර අලංකාර ලෙස බිම ස්පර්ශ කරන කේප් අත් වලින් සමන්විත විය.

ඇගේ කොණ්ඩය  විවෘතව තබාගෙන සිටි අතර ඇස් පියාපත් සහිත අයි ලයිනර්, දිලිසෙන තොල් සහ රෝස පැහැති මුහුණු තවරනයන්ගෙන්  ඇගේ සුන්දරත්වය උද්දීපනය කළාය.

එදින අයිශ්වර්යා රායි බච්චන් ද කෙන්ඩල් ජෙනර් සමඟ සිටිනා වීඩියෝවක් සමාජ මාධ්‍යවල පැතිර තිබේ.