ඊශ්‍රායලයේ රැකියාවක නිරතවූ අනුලා රත්නායක (ජයතිලක) මහත්මිය මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බවට මෙරටදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙයි.
ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටි අනුලා මහත්මිය එරට පවතින ගැටුම් හමුවේ ජීවිතක්ෂයට පත්වූ පසු සිරුර ශ්‍රීලංකාව වෙත එවා තිබූ අතර මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මෙරටදී සිදුකිරීමේදී එම කරුණ අනාවරණය විය.
කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා ඊශ්‍රායලයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස 2013 සිට වසර 10 ක් පමණ සේවය කරමින් සිටියාය. 49 හැවිරිදි ඇය දෙදරු මවකි.ඇය මේ ආකාරයට අවාසනාවන්ත ලෙස මියයන්නේ පසුගිය 7 වනදා හමාස් ප්‍රහාර හේතු කොට බව එරටින් දන්වා තිබුණි.ප්‍රහාරකයින් නිවසට එද්දී බලාකියාගත් කාන්තාවගේ ජීවිතය බේරාගන්නට අනුලා මැදිහත්වී ඇතැයිද වාර්තා විය.
සිරුර අභ්‍යන්තරයේ තිබී උණ්ඩ කැබලි කිහිපයක් ද හමුවූ බවත් පරීක්ෂණයේදී කරුණු හෙළිදරව් විය.
ඊශ්‍රාලයේ සාත්තු සේවිකාවන් හිගතාවයක් පවතින නිසා ඉතා ඉහළ වැටුප් තල යටතේ විදෙස් රටවලින් එරටට සේවක සේවිකාවන් ගෙන්වා තිබේ.
අනුලා ඒ ආකාරයට එරටට ගොස් සේවය කරමින් සිටි කාන්තාවකි.
ඇයගේ මරණය වෙනුවෙන් වන්දි මුදලක්ද පිරිනමන බව ඊශ්‍රායලය දන්වා ඇත.මීගමුව දිස්ත්‍රික් රෝහලේ දී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දී තිබේ.
0 Comments