මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරළිය සහ අකුරැස්ස යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නිල්වලා ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිවේදනයේ සදහාන් වේ. එබැවින් නිල්වලා ගංගාව ආශ්රිත පහත් නිම්නයේ පදිංචි ජනතාව මේ පිළිබදව දැඩි අවදානයක් යොමු කරන මෙන් කාරුණික ඉල්ලා සිටින අතර යම් ආපදා තත්වයක් පිළිබදව තොරතුරු වීමසීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් ලබා ගත හැකිය.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09 කට නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙලුව, කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම, මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස සහ පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ, කලවාන, ඇලපාත සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් නායයාම් අවදානම් කලාප සදහා දෙවැනි මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
එසේම පසුගිය පැය විසි හතර තුල වර්ෂාපතනය සලකා බැලීමේ දී ගංවතුර ආපදා මෙන්ම නායයාම්. කන්ඩි කඩාවටීම්, ගස් පෙරලීම් වැනි ආපදා සිදු විය හැකි බැවින් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව තම වටපිටාව තුළ සිදුවන වෙනස්වීම් පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.
දිස්ත්‍රික්ක 04 කට නායයාම් රතුනිවේදන නිකුත් කෙරේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්
ගාල්ල, මාතර, කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත්
කර ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නාගොඩ, මාතර දිස්ත්‍රික්කයේ
පිටබැද්දර, කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට, මතුගම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ
කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල නායයාම් අධි අවදානම් කළාප වල ජීවත් වන
ජනතාවට එම කලාපවලින් ඉවත්වන ලෙස දැනුම් දෙනු ලැබේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09 කට නායයාම්
අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, මාතර දිස්ත්‍රික්කයේ
අකුරුස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැලියගොඩ, කලවාන, ඇලපාත යන ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශවලට අයත් නායයාම් අවදානම් කලාප සදහා දෙවැනි මට්ටමේ නාය යෑම්
අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
එසේම පසුගිය පැය විසි හතර තුල වර්ෂාපතනය සලකා බැලීමේ දී ගංවතුර ආපදා මෙන්ම
නායයාම්. කන්ඩි කඩාවටීම්, ගස් පෙරලීම් වැනි ආපදා සිදු විය හැකි බැවින් අවදානම්
කලාපවල ජීවත් වන ජනතාව තම වටපිටාව තුළ සිදුවන වෙනස්වීම් පිළිබදව අවධානය
යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.
0 Comments