
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (8) අළුයම 1 .00 ට පමණ බදුල්ල -
කොළඹ මහා මාර්ගයේ 5 කනුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 පමණ පහලින් පිහිටි
බදුළුඔයට වැටී අනතුරට ලක්වී තිබේ.
මෙම මෝටර් රථයේ රිය පැදවූ පුද්ගලයා පමණක් ගමන්කර ඇති අතර ඔහු තුවාල නොලබා බේරී ඇති බව
පොලිසිය පවසයි .
රියදුරාට නින්දයාම මෙම අනතුරට හේතුව බවද විමර්ශන වලදී අනාවරණය වී තිබේ. හාලිඇල පොලිසිය
පරික්ෂණ පවත්වයි.
පාලිත ආරියවංශ

Comments
Post a Comment
Your comment will be visible after approval