balendrasinghe-stf

ගාල්ල මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අම්බලන්ගොඩ පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති බාලේන්ද්‍රසිංහ ඝාතන සිද්ධියේ සැකකරුවෙකුට මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
සැකකටයුතු ස්ථාන පරීක්ෂාවේදී සැකකරුවෙකු නිවසක රැඳී සිටින බවට පෙලිසියට තොරතුරු ලද බවත්
පසුව වෙඩි හුවමාරුවක්සිදුවූ බවත් පොලිසිය පවසා තිබේ. එම වෙඩි තැබීමෙන් මීටියාගොඩ, තෙල්වත්තේදී පුද්ගලයකු තුවාල ලැබූ පසුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව දන්වා ඇත. ඔහු වයස අවුරුදු 42ක පමණ පුද්ලයෙක් බව පොලිසිය කියයි.



පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බළකායට පිස්තෝලයකින් වෙඩිතබා ඇති බවද  ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරුට වෙඩිවැදී ඇති
බවද පොලිසිය දන්වයි.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති  මියගිය පුද්ගලයා, පසුගිය දා ගාල්ල, කරාගොඩ ප්‍රදේශයේ දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාගේ ඝාතනයේ සැකකරුවෙක් බව ද පොලීසිය දන්වා ඇත.



පාතාල කටයුතු මර්දනය සඳහා මහඟු මෙහෙවරක් සිදුකරමින් සිටියදී වැඩ තහනමකට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු  වූ  බාලේන්ද්‍රසිංහ  නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූයේ ගාල්ල කරාගොඩ ප්‍රදේශයේදී ය.
විමර්ශන නිලධාරීන් පවසාතිබුනේ "කරන්දෙණිය සුද්දා" නමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශ්වය මෙම වෙඩිතැබීම සිදුකර තිබූ බවයි.
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කරාගොඩ ප්‍රදේශයේදී මීට දින තුනකට පෙර (09) පස්වරු 6.40ට පමණ එම වෙඩි තැබීම සිදුකර තිබුණි.