
නැගෙනහිර බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.සඳුදා පස්වරුවේ ඩකා නගරයට ඊසාන දෙසින් කිලෝමීටර් 80ක් (සැතපුම් 50ක්) දුරින් පිහිටි බහිරාබ්හිදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක පසුපස කොටසට කඩා වැදී ඇත.
සංඥා දෝෂයක් ගැටුමට හේතු වන්නට ඇති බව සැක කරයි.දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් බංග්ලාදේශයේ දුම්රිය අනතුරු නිරන්තරයෙන් සිදුවේ
ගැටුමෙන් පසු බොහෝ දෙනෙක් ඇතුළත සිරවී සිටි අතර බොහෝ මිනිසුන් එම ස්ථානයේදීම මිය ගිය බව වාර්තා සදහන් කරයි.තුවාල ලැබූ 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින අතර එහිදී තවත් තිදෙනෙකු මියගොස් තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඩකා දුම්රිය පොලිස් අධිකාරී අනෝවර් හොසේන් පවසා ඇත.
ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණීමට පෙර ජනතාවට උපකාර කිරීමට ප්‍රදේශවාසීන් ඉදිරිපත් වූ බව පළාත් පාලන නිලධාරියෙක් පවසා ඇත.
අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව බංග්ලාදේශ බලධාරීන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සංඥා දෝෂය හැරුණු විට, දුර්වල ධාවන තත්ත්වයන් සහ අධීක්‍ෂණය නොකළ දුම්රිය හරස් මාර්ගද හේතු විය හැකි බව ඔවුන් සදහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval