bankok-shoot-two-killed

තායිලන්තයේ බැංකොක් නුවර සාප්පු සංකීර්ණයක බාලවයස්කාර වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බැංකොක් හි ‘සියම් පැරගන්‘ සාප්පු සංකීර්ණයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර 14 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

බැංකොක් නගර මධ්‍යයේ පිහිටි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක සිදුවූමෙම  වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමට අමතරව පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි.

වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නැත. වෙඩි තැබූ පුද්ගලයා නිලධාරීන්ට භාර වී ඇති අතර ඔහු අත් තුවක්කුවක් භාවිතා කර ඇති බවට පොලිසිය පවසයි.



තුවාල ලැබූ පස් දෙනා අතරට  ලාඕස ජාතිකයෙක්, චීන ජාතිකයෙක් සහ තායිලන්ත ජාතිකයින් තිදෙනෙක් අයත් වෙයි.

මියගිය අයගෙන් එක් අයෙක් චීන ජාතිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා සාප්පුවේ සේවය කළ බුරුම ජාතිකයෙකු බව ජාතික පොලිස් ප්‍රධානී Torsak Sukvimol පැවසීය.

මෙම ප්‍රදේශයෙහි අධික රථවාහන තදබදය හේතුවෙන් ,විපතට පත් වූවන් රෝහල වෙත රැගෙන යාම සඳහා ගිලන්රථවලට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

බාල වියේ පසුවන සැකකරු ‘පැතුම්වාන්‘ පොලිස් ස්ථානයට මාරුකර යවා ඇත.

ඔහු සාප්පු සංකීර්ණයට ආසන්න පාසලකට අධ්‍යාපනය ලබා ඇත. ඔහු සතුව තිබී රාජ්‍විති රෝහලෙන් මානසික සෞඛ්‍ය තත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේ වාර්තාවක් හමු වූ නමුත් මෑතකදී ඔහු බෙහෙත් ගැනීම නතර කර ඇති බව සුක්විමෝල් මහතා පැවසීය.

ද එසන්ස් නම් පෞද්ගලික පාසලේ විදුහල්පතිවරයා සැකකරු තම පාසලේ සිසුවෙකු බව සනාථ කර ඇති අතර , පාසල පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පැවසීය.