buffalo-swallows-gold-mangalsutra-worth

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෂිම් දිස්ත්‍රික්කයේ දී මී ගවයෙකු අහම්බෙන් මිල අධික රන් 'මංගල්සූත්‍රයක්' ගිල දැමුවේ අමුතුම සිදුවීමක් වාර්තා වෙනවා.. 'මංගලසූත්‍ර' රන්වල ඇස්තමේන්තුගත වටිනාකම ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 1.5 ක් (ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 6) වන අතර එහි බර ග්‍රෑම් 20 ඉක්මවයි.
කාන්තාවක් ස්නානය කිරීමට පෙර සෝයා බෝංචි සහ රටකජු පොතු පිරවූ පිඟානක් මත ස්වර්ණාභරණ තැබීමේදී මෙම සිද්ධිය සිදුව තිබේ. නෑමෙන් පසු ලෙලි සහිත පිඟාන කෑමට මී හරකා ඉදිරියෙන් තැබූ ඇය ගෙදර දොරේ වැඩ කටයුතු කරන්නට පටන් ගත්තාය.


ඉන් අනතුරුව ආභරණ නැතිවී ඇති බව ඇයට වැටහුණේ පැය කිහිපයකට පසුවය. ඇය සිතා බැලූ  විට, ඇය 'මංගලසූත්‍රය' කෑම පිගානේ  තැබූ බව ඇයට සිහිපත් විය. මී ගවයා එය ශරීරගත කර ඇති බව පෙනී ගිය අතර, පසුව කාන්තාව වහාම තම සැමියාට දන්වා ඇත.

පසුදින මී හරකාට පැය දෙකක ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර, එය මැහුම් 60-65 ක සැත්කමකි., ඉන් අනතුරුව පශු වෛද්‍ය කණ්ඩායම විසින් එම ආභරණය උගේ බඩෙන් සාර්ථක ලෙස ගොඩ ගන්නා ලදී.

Washim හි සෞඛ්‍ය නිලධාරියෙකු වන Balasaheb Kaundane ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ,

ලෝහ අනාවරකයෙන් මී හරකාගේ බඩේ ලෝහයක් ඇති බව අනාවරණය වූ බවත් මෙහෙයුම පැය 2 ක් පැවති බවත්යත සැත්කමේදී මැහුම් 60-65 ක් අවශ්‍ය වී තිබේ.

සතුන්ට ආහාර හෝ වෙනත් ඕනෑම දෙයක් ලබා දීමේදීෙප්‍රවේශම් සහගත ලෙස කටයුතු කරන ලෙස ද කවුන්ඩානේ මහතා සියලුම ගව හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.