dwayne-johnson-super-proud-daughter-jasmine-horseback-rider

හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් පවසන්නේ අශ්වාරෝහකයෙකු ලෙස තම දියණිය දක්වන දක්ෂතාවයන් ගැන තමා  ආඩම්බර වන බවයි

Fast & Furious ඔස්සේ ප්‍රකටවූ  නළුවෙකු වන රොක් යන අන්වර්ථනාමයෙන් හඳුන්වන ඩ්වෙන් , තම දියණිය හා ඇගේ අශ්වාරෝහක ආම්පන්න සමග සිටින ඡායාරූපයක් Instagram හී පළ කරමින් පවසා ඇත්තේ "ඇගේ විනය, කැපවීම සහ අවධානය ගැන තමා අතිශයින් ආඩම්බර වන බවයි."

ඩ්වෙන්ගේ දියණිය ඇගේ කුසලානය අතැතිව අශ්වයා මත හිදගෙන සිටින ආකාරය දෙස ඔහු  ප්‍රශංසාංත්මකව බලා සිටින ආකාරයක් ඡායාරූප ගත වී ඇත.


ඩ්වෙන් ජොන්සන් දෙවරක් විවාහ වූ අතර දෙවන බිරිද ලෝරන් හෂියන්ය.

ජැස්මින් හා ටියානා යනු ඔවුන් දෙදෙනාගේ දියණීයන් වෙයි.  හිටපු බිරිඳ ඩැනී ගාර්ෂියාට සහා ඔහුට දාවද දියණියක්ද වන අතර ඇය  22 හැවිරිදි වියේ පසු වෙයි.

ගැහැණු දරුවෙකුගේ පියෙකු ලෙස ඔහුගේ භූමිකාව "වඩා මුදු මොළොක්" වන  බව ඔහු මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. තමා සහ තම බිරිඳ කුඩා දියණියන් දෙදෙනා ඇති දැඩි කරන්නේ "ජීවිතයට සීමා මායිම් නැති පරිසරයක සහ සංස්කෘතියක" සිට බව පැවසූ ඔහු , දරුවන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට නිදහස දී ඇති බවත් පැවසීය.