An-explanation-of-contagious-eye-disease

දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
නමුත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහන් කර තිබේ.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මේ ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිර යන අතර ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝගලක්ෂණයි



එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය ව්‍යාප්ත වන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණකි.
රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ජනතාව සතු වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් මේදිනවල පවතින කාලගුණික තත්ත්වයත් සමග මෙම වෛරස ඇස් රෝගය පැතිර යා හැකි අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම රෝගය වැළඳුනු පසු ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග නිසිපරිදි අනුගමනය කිරීමෙන් ඉන් ඇතිවන බලපෑම් අවම කරගත හැකියි.

කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් අතර රෝගය පැතිර යාමක් හඳුනාගත් නිසා පන්ති නොපවත්වන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර මහතා දැනුම් දී තිබේ.