Mysterious-underground-tunnel-network-used-by-Hamas

ගාසා තීරය යටතේ ඇති උමං මාර්ග වඩාත් ප්‍රචලිත වන්නේ ඊජිප්තුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඊශ්‍රායලයට ප්‍රහාර දියත් කිරීමට භාවිතා කරන මාර්ග ලෙසය.

නමුත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට "ගාසා මෙට්‍රෝ" ලෙස හඳුන්වන දෙවන භූගත ජාලයක් පවතී. එය මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට භාවිතා කරන,  කිලෝමීටර් කිහිපයක් පොළව යට වූ විශාල උමං මාර්ගයකි. එම උමං මාර්ගය රොකට් සහ පතොරම් ගබඩා ගබඩා කිරීමට යොදා ගන්නා අතරම, හමාස් පාලන මධ්‍යස්ථාන, IDF හි ගුවන් යානා සහ නිරීක්ෂණ ඩ්‍රෝන යානාවලින්  සැගවී සිටීමට හැකි ස්ථානයක්ද වෙයි.

2021 දී හමාස් සංවිධානය ගාසා තීරය යටතේ කිලෝමීටර් 500 ක(සැතපුම් 311 ක්) පමණ උමං ඉදිකර ඇති බව ප්‍රකාශ කර ඇත. නමුත් එම සංඛ්‍යාව නිවැරදි ද යන්න පැහැදිලි නැත. ප්‍රකාශය සත්‍යයක්නම්, මෙම භූගත උමං මාර්ග,  නිව් යෝර්ක් නගරයේ ඇති උමං මාර්ග පද්ධතියෙන් අඩකට පමණ සමාන වනු ඇත.

ඊශ්‍රායලයේ රීච්මන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් සහ භූගත යුද්ධ පිළිබඳ විශේෂඥවරියක් වන Daphne Richemond-Barak පැවසුවේ "එය ඉතා සංකීර්ණ, ඉතා විශාල භූමි ප්‍රදේශයක ඇති උමං ජාලයක් වන බවයි.



වෙරළ තීරය පාලනය කරන හමාස් ,  උමං ජාලය සඳහා කොපමණ මුදලක් වැය කරේද යන්න පැහැදිලි නැත. මිනිස් බලය සහ ප්‍රාග්ධනය යන දෙඅංශයෙන්ම මෙම සංඛ්‍යාව සලකා බැලිය යුතු ය.

සාමාන්‍යයෙන් භූගත ගැඹුරු උමං තැනීමට භාවිතා කරන දැවැන්ත යන්ත්‍ර සූත්‍ර ගාසා තීරය සතුව ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රවීණයන් පවසන්නේ මූලික මෙවලම් භාවිතා කරමින් කැණීම් කරන්නන් කොන්ක්‍රීට් වලින් ශක්තිමත් කර ඇති ජාලය හෑරීම සඳහා පොළව යටට හාරා ඇති බවයි.

උමං මාර්ග මධ්‍යතන යුගයේ සිට ආකර්ශනීය යුධ උපකරණයක් විය. නමුත් අද එය හමාස් වැනි සටන්කාමී කන්ඩායම්වලට අසමමිතික යුද්ධයක මායිමක් ලබා දෙයි.

හමාස් උමං මාර්ග , ඇෆ්ගනිස්ථානයේ කඳුකරයේ වූ අල් කයිඩා හෝ අග්නිදිග ආසියාවේ වනාන්තරවල ඇති වියට් කොන්ග් වලට වඩා වෙනස් වන්නේ එය පෘථිවියේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශවලට පහළින් භූගත ජාලයක් ලෙස ඉදිකර තිබීම නිසායි . ගාසා නගරය සෑදී ඇති වර්ග සැතපුම් 88 ක භූමි ප්‍රමාණය තුල ජනතාව මිලියන 2 කට ආසන්න පිරිසක් ජීවත් වෙති.

“උමං මාර්ග සමඟ කටයුතු කිරීම සැමවිටම දුෂ්කර යි.  කඳුකර ප්‍රදේශයකට සාපේක්ෂව නාගරික ප්‍රදේශයක් තුල උමං මාර්ග පිහිටන විට තත්වය වඩාත් සංකීර්ණ වෙනවා. එහිදී සිවිල් ජනතාව සඳහා ආරක්ෂාව සහතික කිරීමට අසීරුයි ” යනුවෙන් Modern War Institute at West Point හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන Richemond-Barak පැවසීය.

ඔක්තෝබර් 7දා ඊශ්‍රායලයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 1,400ක් මිය ගොස් ඇති බවට වාර්ථා කරයි. එම ප්‍රහාරය සිදු වූ දා සිට  IDF චෝදනා කළේ හමාස් මෙම උමං මාර්ග තුළ සැඟවී සිටින බවටයි. ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 2,670 ක් මිය ගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.



හමාස් උමං මාර්ග තුරන් කිරීම සඳහා මෑත වසරවලදී දැඩි වෙහෙසක් දරා ඇති බැවින්, IDF විසින් ගාසා තීරයට සිදු කරන ගොඩබිම් ආක්‍රමණයේදී ජාලය විනාශ කිරීමට අපේක්ෂා කෙරේ. ඊශ්‍රායලය 2014 දී ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළේ භූගත මාර්ග ඉවත් කිරීමට උත්සාහ කිරීම සඳහා ය.

සිකුරාදා දිනයේ දී ඊශ්‍රායලය විසින්  , තම මෙහෙයුම දියත් කිරීමට පෙර උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක් පමණ වන ජනයාට දකුණට ගමන් කරන ලෙස අනතුරු ඇඟවීය. එවැනි නියෝගයක් යුද වාතාවරණයක් මධ්‍යයේ කෙටි දැනුම්දීමකින් ක්‍රියාත්මක කළ නොහැකි බව විචාරකයෝ පැවසූහ. එක්සත් ජාතීන්ගේ ඉහළම මානව හිමිකම් නිලධාරියා පැවසුවේ, ඉවත් කිරීමේ ඇමතුම තුලින් පෙනී යන්නේ “යුද්ධයේ නීති රීති සහ මූලික මනුෂ්‍යත්වය නොසලකා හරින” බවයි යනුවෙනි.

සිවිල් වැසියන් ගාසා නගරයෙන් පිටතට ගෙන යාම උමං මාර්ග ඉවත් කිරීමට උපකාරී වනු ඇත. නමුත් එවැනි මෙහෙයුම් අනතුරුදායක වනු ඇතැයි රිචමන්ඩ්-බරක් පැවසීය.

IDF හට උමං මාර්ග තාවකාලිකව භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් කිරීමට හෝ ඒවා විනාශ කිරීමට හැකිය. Richemond-Barak ට අනුව, භූගත මාර්ගවලට බෝම්බ දැමීම ඒවා තුරන් කිරීමට වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය වන නමුත් එවැනි ක්‍රියා තුලින් සිවිල් වැසියන්ට අහිතකර බලපෑම් එල්ල විය හැකිය.

පැහැදිලි දෙය නම් භූගත තර්ජන නැවැත්වීමට තාක්‍ෂණය පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

ඊශ්‍රායලය ඩොලර් බිලියන ගණනක් වැය කර , උසස් සංවේදක සහ භූගත බිත්ති සහිත ස්මාර්ට් පද්ධතියක් සමඟ දේශසීමා සුරක්ෂිත කිරීමට උත්සාහ කළද, ඔක්තෝබර් 7 දා හමාස් හට ගොඩබිමින්, ගුවනින් සහ මුහුදෙන්  ඊශ්‍රායලයට පහර දීමට හැකි විය.

Richemond-Barak පැවසුවේ දෘශ්‍ය බුද්ධිය, දේශසීමා නිරීක්‍ෂණය සහ සැක කටයුතු ඕනෑම දෙයක් ගැන විමසිල්ලෙන් සිටින ලෙස සිවිල් වැසියන් දැනුවත් කල යුතු පරිපූර්ණ ප්‍රවේශයක් අවශ්‍ය බවයි.