Tomb-of-Cerberus-with-2200-year-old-paintings-is-being-explored-in-Italy

ඉතාලියේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් දුර්ලභ පුරාණෝක්තිගත ජීවීන් දෙදෙනෙකු පින්තාරු කරන ලද වසර 2,200 ක් පැරණි සොහොන්ගැබක් සොයාගෙන ඇත. ඒවාගේ  හිස මිනිසෙකුගේ සහ කඳ අශ්වයෙකුගේ ලෙස වන අතර පහළ ශරීරය මාළුවෙකුගේ වල්ගයක් සේ ඇත.

නේපල්ස් අසල සිදු කරන ලද කැණීම් අතරතුර, පුරාවිද්‍යාඥයින් විසින් හයිපොජියම් හෙවත් කුටි සහිත විශාල සොහොන් නිකේතනය දුටුවේය.  එහි දොරටුව තවමත් උළු වලින් ආවරණය වී ඇත.

සොහොන් ගෙය ඇතුළත බිත්ති බිතුසිතුවම් රාශියකින් අලංකාර කර ඇත. ichthyocentaurs දෙක, මුහුදු පෙන සහ සාගර අගාධයේ මිත්‍යා මුහුදු දෙවිවරුන් යුගලයක් වන Aphros සහ Bythos ගේ නිරූපණයන් විය හැකිය.

මුහුදු දෙවිවරුන් බොහෝ විට පොකිරිස්සන්-නිය ඔටුනු පැළඳ සිටින බව පෙන්නුම් කරයි. නමුත් මෙම සොහොන් ගෙයි බිත්තිය මත, ඔවුන් ක්ලිපියස් ලෙස හඳුන්වන විශාල පලිහක් අල්ලා ගෙන එකිනෙකා දෙසට ළඟා වේ.

සොහොන් ගෙය පින්තාරු කරන ලද මල්මාලා වලින් ආවරණය කර ඇති අතර, රෝමානු පාතාලය ආරක්ෂා කළ හිස් තුනේ බල්ලා වන සර්බරස්ගේ සිත් ඇදගන්නා සුලු සිතුවමක් ද දක්වයි.

සොහොන් ගෙය තුළ පවුලේ සාමාජිකයින්ට මියගිය අය සඳහා තෑගි තැබිය හැකි පූජාසනයක් මෙන්ම මියගිය අය තවමත් රැඳී සිටින අවමංගල්‍ය ඇඳන් ද ඇත.



නේපල්ස් හි මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ අධිකාරී මරියානෝ නුසෝ පැවසුවේ , සොහොන සොයා ගැනීමේ හැඟීම විස්තර කළ නොහැකි බවත්, ජියුග්ලියානෝ කලාපයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට සහ සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යාඥයින්ට ස්තූතිවන්ත වන බවත්ය. අද නේපල්ස් සිට වයඹ දෙසින් 7.5 සැතපුම් (කිලෝමීටර් 12) පමණ දුරින් පිහිටන Giugliano නම් උප නගරය, කැම්පානියාවේ කුඩා ජනාවාස වූ කොටස් වලින් එකකි. මෙය පුරාණ කාලයේ Capua සිට Salerno දක්වා නගර ඇතුළත් වූ සාරවත් කලාපයකි.

Giugliano අවට Campi Flegrei ගිනිකඳු ප්‍රදේශයේ පෙර පුරාවිද්‍යාත්මක පරීක්ෂණයකදී,  රිපබ්ලිකන් යුගයේ සිට අධිරාජ්‍ය යුගය දක්වා ශතවර්ෂ හතරක් පුරා කැණීම් කරන ලද රෝම යුගයේ භූමදාන පිළිබදව අනාවරණය විය.

පුරාවිද්‍යාඥයන් සර්බරස්ගේ සොහොන ලෙස නම් කර ඇති මෙම සුසාන භූමිය සම්පූර්ණයෙන් ගවේෂණය කරමින් සිටින අතර ඉතිරි සුසාන භූමිය විමර්ශනය කිරීමට සැලසුම් කර ඇත.