මධ්‍යම ගාසා තීරයේ බැප්ටිස්ට් රෝහලට මෙම ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා ප්‍රහාරය එල්ල කර ඇති බවට හමාස් සංවිධානය දන්වා ඇති අතර සෞඛ්‍ය ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ඇස්තමේන්තු කර ඇත්තේ මිනිසුන් පන්සියය ඉක්මවා මිය ගිය බවයි.
මේ අතර ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පවසන්නේ සිද්ධියට හේතුව නොදන්නා බවත්
හමුදාව ඒ පිළිබඳව තොරතුරු සොයා බලන බවත්ය.
ගාසා තීරයේ පිහිටි රෝහලට එල්ල වූ ප්‍රහාරය “යුද අපරාධයක්” ලෙස හමාස් රජයේ ගාසා තීරයේ මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර ඇත.
ප්‍රකාශයක් නිකුත් කරමින් එය තවදුරටත් මෙසේ පවසයි: "රෝහලේ සිය ගණනක් රෝගීන් සහ තුවාල ලැබූවන් නවාතැන් ගෙන සිටි අතර, වෙනත් ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් බලහත්කාරයෙන් ඔවුන්ගේ නිවෙස්වලින් අවතැන් කර තිබුණි".
"අනතුරට පත්වූවන් සිය ගණනක් තවමත් සුන්බුන් යට" බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
අල් අහ්ලි අරාබි රෝහලෙන් මතුවන පින්තූර අවුල් සහගත දර්ශන පෙන්වයි - ලේ වැගිරෙන සහ ආබාධිත තුවාල ලැබූවන් අඳුරේ ස්ට්‍රෙචර් මත පිටතට ගෙන යන අයුරු. දැක්වේ.
පිටත සුන්බුන් සහිත වීදියේ මළ සිරුරු සහ කැබලිවූ වාහන වැටී ඇති අයුරු දැකගත හැකිය.
වීඩියෝ දර්ශනයකින්ද දැවැන්ත පිපිරීමක් පෙන්නුම් කර තිබේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදි අවතැන් වූවන් සිය ගණනක් රෝහල් භූමියේ ශාලාවක නවාතැන් ගෙන සිටඅතර ඔවුන් රෝගීන් නොවූ බවත් රෝහලකට ප්‍රහාර එල්ල නොවේය යන විහ්වාසයෙන් සැගවී සිටි අය බවත් කියැවිණි.
මීට පෙර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, 4,000 ක් නවාතැන් ගෙන සිටින මධ්‍යම ගාසා තීරයේ පාසලකට ද පහර දී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බවයි.
"ගාසා තීරයේ කිසිදු ස්ථානයක් තවදුරටත් ආරක්ෂිත නැත, UNRWA පහසුකම් පවා නැත," පාසල් සිද්ධියෙන් පසු එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මීට පෙර ඊශ්‍රායල හමුදාව අවධාරනය කළේ තමන් සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා බවත්, හමාස් ඉලක්කයක් දුටු විට පමණක් එය පසුපස යන බවත්ය.
ඊශ්‍රායල හමුදා අනතුරු ඇඟවීම්වලින් පසු අවම වශයෙන් 600,000 ජනයා උතුරු ගාසා තීරයෙන් දකුණට පලා ගොස් ඇති අතර ඒ සමාන ප්‍රමාණයක් තවදුරටත් උතුරු කලාපයේ රැඳී සිටී.
0 Comments