mermaid-globster-simberi-island

පසුගිය මාසයේ පැපුවා නිව්ගිනියාවේ සිම්බේරි දූපතේ වෙරල තීරයේ අමුතු සුදු මස් කැබැල්ලක් හමුවීමෙන් ප්‍රදේශවාසීහු මවිතයට පත් වූහ.
සුදු පැහැයෙන්  සහ සුරංගනාවියක මෙන් හැඩයෙන් යුක්තව සැකසී ඇති මෙම මස් කැබැල්ල , "ග්ලෝබ්ස්ටර්" ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ හෝ මෝරෙකු හෝ විය හැකි බවට  විශේෂඥයින් අනුමාන  කර ඇත.



"අද උදෑසන සිම්බේරි (Simberi Island යනු පැපුවා නිව්ගිනියාවේ නව අයර්ලන්ත පළාතේ කොටසකි) දූපතේ වෙරළ තීරයට සේදී ගිය සුරංගනාවියක් වැනි අමුතු හැඩැති මළ සිරුරක් හමුවී ඇත " යනුවෙන් නිව් අයර්ලන්ත වැසියන්ගේ ෆේස්බුක් සටහනක සඳහන් දක්වා තිබිණ.



එක්සත් රාජධානියේ තල්මසුන් සහ ඩොල්ෆින් සංරක්ෂණ පුණ්‍යායතනයේ පර්යේෂකයෙකු වන එරිච් හොයිට්   අනුමාන කරමින් ප්‍රකාශ කර ඇත්තේ  “මෙය කලකට පෙර මිය ගිය ඩුගොං සමුද්‍ර ක්ෂීරපායී  මුහුදු ගවයකු“ විය හැකි ලෙසය.

ඕස්ට්‍රේලියාවේ ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥයෙකු වන හෙලීන් මාෂ්, කියා සිටියේ මෙය නිශ්චිත නොවන සාගර ක්ෂීරපායි සතෙකු බවයි.

කෙසේ නමුත් ඇත්ත වශයෙන්ම, වැඩි දත්ත නොමැතිව mermaid globster ගැන උගත් අනුමානයක් කිරීමට විශේෂඥයින්ට අපහසුය. එම දත්ත - DNA සාම්පල සහ මිනුම් ලබා ගැනීමට නොහැකි වන්නේ සිම්බේරි දූපතේ ප්‍රදේශවාසීන් එතැන්සිට  එය රැගෙන ගොස්  වළලා ඇති බැවිනි.

සිම්බේරි දූපතේ සුරංගනාවි ග්ලෝබ්ස්ටර් මෑත වසරවලදී වෙරළට ගසාගෙන ගිය එකම අසාමාන්‍ය සත්වයා නොවේ. 2008 දී, "Montauk Monster" අභිරහස් ලෙස ලෝන්ග් අයිලන්ඩ් වෙරළට සේදී ගිය අතර, එය පිටසක්වල ජීවියෙකුගේ  බවට අනුමාන කිරීමට තුඩු දුන්නේය.