2023-Nobel-Peace-Prize-to-Imprisoned-Iranian-Activist-Narges-Mohammadi

2023 වසරේ නොබෙල් සාම ත්‍යාගලාභියා සිරගතව සිටින ඉරාන ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩි වෙත ලබාදෙන බව අද නිවේදනය කෙරිණි.
"ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි ඇයගේ සටන සහ මානව හිමිකම් නිදහස ප්‍රවර්ධනය කිරීම“ සඳහා ඇයගේ නම තෝරා ගත් බව කමිටුව ප්‍රකාශ කළේය.

වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, නෝර්වීජියානු නොබෙල් කමිටුවේ ප්‍රධානී බෙරිට් රීස්-ඇන්ඩර්සන්, නාර්ගේස් මොහොමඩි සිරගතව සිටින නිසා ත්‍යාගය පිළිගැනීමට නියමිත දෙසැම්බර් මාසයේදී කුමක් සිදුවේද යන්න පැහැදිලි කළේය..
ඇන්ඩර්සන්,පැවසුවේ "ඉරාන බලධාරීන් නිවැරදි තීරණයක් ගතහොත් ඔවුන් ඇයව සිරෙන් නිදහස් කරන" බැවින් ඇයට උත්සවයට සහභාගී විය හැකි බවයි.



නාර්ගේස් මොහොමඩි යනු ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ක්‍රියාකාරිනියකි.
මොහොමඩි පසුගිය දශක දෙකේ වැඩි කාලයක් සිරකාරියකි. මරණීය දණ්ඩනයට සහ හුදකලා සිරගත කිරීම්වලට එරෙහිව ඇයගේ නොනවතින උද්ඝෝෂණය හේතුවෙන් ඇය නැවත නැවතත් දණ්ඩනයට ලක්ව ඇත.

ජාතික ආරක්ෂාවට එරෙහි ක්‍රියාමාර්ග සහ රාජ්‍යයට එරෙහි ප්‍රචාර සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොහොමඩි මේ වන විට වසර 10 යි මාස 9 ක සිර දඬුවමක් විඳිමින් සිටී.

ඇයට කස පහර 154 ක් ද, දඬුවම් ලබාදී ඇති අතර, සංචාර සහ වෙනත් තහනම් කිරීම් ද නියම කරන ලදී.

ලෝකයේ ඉතා ඉහළ පිලිගැනීමක් ඇති නොබෙල් සාම ත්‍යාගය104 වැනි වරට ප්‍රදානය කිරීමට නියමිත අතර,

ජයග්‍රාහකයන් බවට පත්වූ අය අතර කීර්තිමමත් පුද්ගලයින් සහ නියෝජිතායතන ගණනාවක් සහ මතභේදාත්මක අයද ඇත.

එක්සත් ජනපද ජනාධිපතිවරු හතර දෙනෙක් සම්මානය දිනා ඇත; වුඩ්රෝ විල්සන්, තියඩෝර් රූස්වෙල්ට්, ජිමී කාටර් සහ බැරක් ඔබාමා,  ජයග්‍රහණ ලද අය අතර වෙති.
නෙල්සන් මැන්ඩෙලා, සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචෙව් සහ පෝලන්ත විරුද්ධවාදී ලෙක් වේලේසා ඇතුළු විප්ලවවාදී සහ දේශපාලන නායකයින් කිහිප දෙනෙකුද සිටී.

ජාත්‍යන්තර සංවිධානද වරින් වර ගෞරව ලබයි; එක්සත් ජාතීන්ගේ සංවිධානය 2001 දී සම්මානය දිනා ගත් අතර, යුරෝපීය සංගමය 2012 දී ත් ලෝක ආහාර වැඩසටහන මෑතකාලීනවත් ජයග්‍රහණ ලබා ඇත.
2014 දී පකිස්තාන ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායි වයස අවුරුදු 17 දී සම්මානයේ ළාබාලතම ජයග්‍රාහකයා බවට පත්විය.