Britney-Spears-abortion-Justin-Timberlake

එක්සත් ජනපදයේ  පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මීට වසර 20 කට පෙර ගායක ජස්ටින් ටිම්බර්ලේක් සමඟ පෙම් සබඳතාවක් පවත්වමින් සිටියදී ගබ්සාවක් සිදු වූ බවට දිගු කලකට පසු අනාවරණයක් කර තිබේ.
1999-2002 කාලයේ මේ දෙන්නා සම්බන්ධව බසිටි අතර පසුව වෙනත් කෙනෙකු සමග බ්‍රිට්නි විවාහවී දරුවන් දෙන්නෙකු ලැබුවාය.
ඇගේ පැරණි පෙම්වතා සමග සම්බන්ධය ප්‍රකටව පැවතියත් ඒ කාලයේ ස්පියර්ස් ගැබ් ගැනීම "පුදුමයක්" ලෙස මාධ්‍ය විස්තර කර ඇත,නමුත් ඇය  විස්තර කර තිබුනේ ජස්ටින් ගැබ් ගැනීම ගැන  සතුටු වූයේ නැත. ඔහු පැවසුවේ අපි අපේ එකල  ජීවිතයේ දරුවෙකු ලැබීමට සූදානම් නැති තරුණ වියේ පසුවූ බවත්ය.
ඇය ගබ්සාව විස්තර කළේ "මගේ ජීවිතයේ මෙතෙක් අත්විඳින ලද වඩාත්ම වේදනාකාරී දෙයක්" ලෙසයි.
ගායිකාව 1999 දී එවකට NSYNC තරුව වන Timberlake සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරන විට 17 හැවිරිදි වියේ පසුවිය. මෙම යුවළ 2002 වන තෙක් එකට සිටියහ.
ගැබ් ගැනීම සිදුවූයේ කවදාද යන්න පැහැදිලි නැත.ස්පියර්ස් 2004 දී විවාහ වූයේ  රැප් ගායකයෙකු සහ නර්තන ශිල්පියෙකු වන කෙවින් ෆෙඩර්ලයින් සමගය.ඇයට මේ වන විට දරුවන් දෙදෙනෙකු සිටියි.
කෙසේ වෙතත්, පසුව ඇය පියා සමග නඩු කිව්වේ වසර 13 කට වැඩි කාලයක් ස්පියර්ස්ගේ ජීවිතය පාලනය කළ බව කියමිනි. එම නඩුව 2021 අගභාගයේදී අවසන් විය.The Woman In Me නමින් ඇයගේ සියලු මතක සටහන් ඔක්තෝම්බර් මාසයේදී පොතක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ.

පොතේ ප්‍රකාශකයාට අනුව, එය "නිදහස, කීර්තිය, මාතෘත්වය, පැවැත්ම, ඇදහිල්ල සහ බලාපොරොත්තුව පිළිබඳ නිර්භීත හා විස්මිත චංචල කතාවක්" වනු ඇත.