National-Drug-Regulatory-Authority-new-chairman-specialist-Dr.-Ananda-Wijewickrama

සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරි නව සභාපති  විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පත් කර ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම පත්වීම ප්‍රදානය කර තිබේ.



විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වූ අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්වූ එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

තමන්ගේ හෘද සාක්ෂිය අනුව වැඩ කරමින් ආන්දෝලනයට ලක්වූ තීන්දු තීරණ රැසක් ලබාගත් අයෙකු ලෙස මෙතුමා ප්‍රකාටය. 2021 සැප්තැම්බර් මසදී
කෝවිඩ් 19 රෝග මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැති බව සඳහන් කර කෝවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තීරණය කර තිබුනේ


රට වසා දැමීමේ තීරණය සහ එන්නත්කරණ ක්‍රියාවලිය  ද තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නො කළ බවත්  දේශපාලන හෝ වෙනත් අවශ්‍යතා මත තීරණ වෙනස්ව ඇති බවත් පවසමිනි. 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ගෙන්වීම සම්බන්ධ ගැටලු නිසා පසුගිය කාලයේ බොහෝ විවේචනයන් අසන්නට ලැබුණ අතර මේ හේතුවෙන් නිකරුනේ රෝගීන්ගේ මරණ පවා සිදුවූ බවට චෝදනා එල්ලවී තිබුණි.