මෙරට මහා මාර්ගවල ධාවනය සඳහා වලංගු රියැදුරු බලපත්‍රයක් සහ ආදායම් බලපත්‍රය ද ආරක්ෂිත හිස් වැසුමක් ද නොමැතිව යතුරු පැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විදේශිකයකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාක් ලක්මිණි විදානගමගේ මහත්මිය රුපියල් 35,000ක දඩයක් ද යතුරුපැදිය සේවයේ යෙදවීම සම්බන්ධයෙන් එහි අයිතිකාර කාන්තාවට රුපියල් 25,000ක දඩයක් ද නියම කළාය.
මෙසේ දඩ නියම වූයේ W. Douro Euan Edward නමැති එංගලන්ත ජාතිකයකුටය. ඔහුට අමතරව නුගේගොඩ පදිංචි ජයකොඩි කෘකානම්ගේ දේවිකා යසාරා නමැති කාන්තාවකටද දඩ ගෙවන්නට සිදුවිය. විදේශිකයා ගාලූ කොටුව තුළ යතුරු පැදිය ධාවනය කරමින් සිටියදී ගාලු කොටුව සංචාරක පොලිසිය එය නවතා පරික්ෂා කිරීමේදී ඔහුට ජාත්‍යන්තර රියැදුරු බලපත්‍රයක් තිබි නොමැති අතර,
යතුරුපැදියේ ආදායම් බලපත්‍රය ද තිබී නැත.
එයට අමතරව ආරක්ෂිත හිස් වැස්මක් ද පැළඳ සිට නැත. පසුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර විදේශිකයා සහ යතුරුපැදිය ගාල්ල පොලිසියස් රථ වාහන අංශයට බාරදී තිබේ. රථ වාහන අංශයේ සැරයන් ලක්නාත් (36686) සහ කොස්තාපල් විජේරත්න (82066) යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
එස්. දීයගහගේ
0 Comments