තම තුන්හැවිරිදි පුතුට තවමත් කිරි දෙන එංගලන්තයේ මවක පවසා ඇත්තේ විවේචකයින් එම ක්‍රියාව හෙළාදැක ඇති නමුත් එය ඇය නතර නොකරන බවයි.
36 හැවිරිදි මාර්ටිනා ඩාර්ලින් පවසන්නේ වසර තුනහමාරකට පෙර තම පුත් වින්ස්ටන්ව මෙලොවට බිහිකළ බවත් , ඇය ඔහුට මව්කිරි දෙනවාද නැතහොත් පිටිකිරි භාවිතා කරනවද යන්න මුලදී අවබෝධයක් නොතිබූ බවත් ය .කෙසේ නමුත් ඇය මව්කිරි දීම තුළින් තමා සහ වින්ස්ටන් අතර ඇති වූ බැඳීම වැඩිවූ බව ප්‍රකශ කළාය.
මේ පිළිබද අන්තර්ජාලය හරහා පළකළ පොස්ටුවකට ඇයට "නෙගටිව් කොමෙන්ටු" ලැබී තිබු බව පැවසුවාය.නමුත්,එහිදී තම පුතාට තවමත් මව්කිරි දීමට අවශ්‍ය බව ඇය දන්නා නිසා ඉක්මනින් නතර කිරීමට කිසිදු අදහසක් නොමැති බවත් ඇය අවධාරනය කළාය.
ඔහුට අවශ්‍යය වෙලාවක එය නතර කරන තෙක්ම ඇය නතර නොවන බව තරයේ කියා සිටියාය.
එයිනුදු නොනැවතී තව දුරටත් ඇය මෙසේ පැහැදිලි කළාය: "මම ඒ ගැන අන්තර්ජාලයේ පළ කිරීමට පටන් ගත් විට, විශේෂයෙන් TikTok, මට බොහෝ අපයෝජනයන් සිදු වුනා . මිනිසුන්ගෙන් නෙගටිව් කමෙන්ටු රාශියක් මට ලැබුනා . එහි මට පෞද්ගලිකව මානසිකව පහර දුන්නා . මිනිසුන් මගේ දෙමාපියන්ගේ තේරීම් ප්‍රශ්න කලා , මම බොහෝ විට ඇඬුවා. සතියක පමණ කාලයක සිට බොහෝ අය කියා සිටියේ මා එය කරන්නේ අවධානය පිණිස බවයි.
නමුත් එක එහෙම නෙමේ කියල මම දන්නවා.
මාර්ටිනා සහ ඇගේ සැමියා ටොම් 2020 ජනවාරි මාසයේදී මාපියන් වූ අතර මව්කිරි දීමට මාර්ටිනා ගත් තීරණය පිටුපස ඇති ප්‍රධාන හේතුව වන්නේ දරුවාට ඇති තද බල බැඳීමයි.
මාර්ටිනා තම මව්කිරි දීමේ පුරුද්ද හෙළාදකින අයට මේ පණිවිඩ නැවත සපයා බලාපොරොත්තු වන්නේ අනෙකුත් මව්වරුන්ද එම ක්‍රියාවට දිරිමත් කළ හැකි බවයි.
0 Comments