Australias-Victoria-New-South-Wales-threatened-by-bushfires

ඕස්ට්‍රෙලියාවේ අයහපත් කාලගුණය මධ්‍යයේ පාලනයෙන් තොර ලැව්ගිනි පැතිරෙන බවටත් නගර වැසියන් භීතියට පත්කර ඇති බවටත් එරටින් වාර්තා කර තිබේ. අධික සුළඟ සමග පැතිරෙන ළැව්ගින්න නිව්සවුත්වේල්ස්  සහ වික්ටෝරියා හරහා නගරවලට තර්ජනයක් වෙමින් පවතින අතර හදිසි අනතුරු ඇඟවීම් ගණනාවක් ක්‍රියාත්මක බව දන්වා තිබේ.
ළැව්ගින්න නිසා බඩුමුට්ටු රැගෙන පලායාමට අපහසු බවත් නගර කිහිපයක නිවැසියන්ට පිටවීමට ප්‍රමාද වැඩි බවත් දන්වා ඇත. ඒ නිසා දිවි බේරාගන්නට උපදෙස් දී ඇත.
නිව් සවුත්වේල්ස් හි හදිසි අනතුරු ඇඟවීම්  මගින් නිව්කාසල් නගරයට බටහිරින් පිහිටි Kearsley හි සහ දකුණු වෙරළ තීරයේ Bermagui අසල Coolagolite හි ලැව් ගිනි සඳහා සක්‍රීය බව දන්වා ඇත.

ග‍්‍රාමීය ගිනි නිවන සේවය පැවසුවේ,

මෙම ලැව්ගිනි පවතින මාර්ගයේ පදිංචිකරුවන් සඳහා සූදානම් කර පිටත්ව යාමට ප්‍රමාද වැඩි බවත්, අවදානම් සහිත පුද්ගලයින්ට නවාතැනින් ඉවත්වන ලෙස ඉල්ලා සිටින බවත්ය.
සජීවී කාලගුණ බ්ලොග්  එකක් සහ ඇප් එකක් ඔස්සේ ළැව්ගින්නේ පැතිරීම නිරීක්ෂණය කරන ලෙසද ඉල්ලා ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ, ගිප්ස්ලන්ඩ් හි ලැව්ගින්නක් එක රැයකින් තුන් ගුණයකින් වැඩි වූ අතර, නගර ගණනාවක පදිංචිකරුවන් ඉවත් කිරීමට සූදානම් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

වෙරළ තීරයේ තවත් පාලනයෙන් තොර ගින්නක් සීකොම්බ් සහ ලොච් ස්පෝර්ට් හි හදිසි අනතුරු ඇඟවීමක් ඇති කර තිබේ.


එක් අන්තයක සිට අනෙක් අන්තයට,ගින්න වික්ටෝරියා හරහා ගමන් කරන අතර ගින්නෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට මිලිමීටර් 100 කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇදහැලිය හැකි  බවට අනාවැකි පළ කර ඇති නිසා ළැව් ගින්න අඩාල වනු ඇතැයිද ගිනි නිවන භටයින්ට ගිනිදැල් නිවා දැමීමට එය උපකාරී වනු ඇතැයිද පවසා තිබේ.

CFA ප්‍රධාන නිලධාරි ජේසන් හෙෆර්නන් පැවසුවේ ප්‍රාන්තයේ භයානක ලැව්ගිනි පාලනය කිරීමට ටික වේලාවක් ගතවනු ඇති නමුත් අවදානම වේගයෙන් අඩුවෙමින් පවතින බවයි.