කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි සැකකරුවකු හට රටින් පිටවීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ ලිපිලේඛන සැකසීම අතටම හසුවීම ආසන්න හේතුව බව කියැවේ. ඇයට තවත් චෝදනා කිහිපයක් පැවති බවටද පොලිසියට පැමිණිලි කර තිබුණි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බැවින් වංචාවන් වැඩිදුර විමර්ශනයට අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අධිකරණ අභ්‍යන්තරයේ අතිශය වගකිවයුතු රාජකාරියක නියැළෙන රෙජිස්ට්‍රාර් තනතුර දරන්නෙකු මේ ආකාරයට අත්අඩංගුවට පත්වීම අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය සැකයට ලක්කර තිබේ.
0 Comments