80-killed-in-drone-strike-on-graduation-ceremony-in-Syria

බදාදා දිනයේදී බටහිර සිරියාවේ හොම්ස් නගරයේ හමුදා විද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයකට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බව සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
"මූලික සංඛ්‍යාව අනුව, හෝම්ස්හි හමුදා විද්‍යාලයේ සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සවය ඉලක්ක කර ගත් ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ළමුන් හය දෙනෙකු ඇතුළු  80 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 240 ක්," බව හසන් අල්-ගොබාෂ් පැවසීය.



ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

ප්‍රහාරය “පෙර නොවූ විරූ” එකක් බව පැවසූ සිරියානු සන්නද්ධ හමුදා, “ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කළ අයට එරෙහිව “දැඩි ක්‍රියාපිළිවෙත් ගන්නා බවට අනතුරු ඇඟවීය.

කලක් සිරියානු විප්ලවයේ අගනුවර ලෙස හැඳින්වූ පුරාණ හෝම්ස් නගරය , 2012 දී ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කිරීමට උත්සාහ කළ රෙජීම හමුදා සහ විපක්ෂ සටන්කරුවන්ගේ සටන් ස්ථානය විය.

මධ්‍යම සිරියාවේ කෘෂිකාර්මික කේන්ද්‍රස්ථානයේ පිහිටා ඇති මෙම නගරය දිගු කලක් තිස්සේ ඉතා වැදගත් උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රවාහන හා වාණිජ කේන්ද්‍රස්ථානයක් විය. හොම්ස් හරහා යන මාර්ගය දකුණේ දමස්කස් අගනුවර සහ උතුරු සිරියාවේ විශාලතම නගරය වන ඇලෙප්පෝ සම්බන්ධ කරයි.

සිරියාවේ ජීවිත බේරාගැනීම සඳහා වූ සිවිල් ආරක්ෂක කණ්ඩායමක් වන White Helmets කියා සිටියේ,

සිරියානු රෙජීම හමුදා වයඹදිග සිරියාවේ සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රහාර දියත් කළ බවත්, එයින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 49 දෙනෙකු පමණ තුවාල ලැබූ බවත්ය.
තුවාල ලැබූ සිවිල් වැසියන් 49 දෙනා අතර ළමුන් 12 දෙනෙකු සහ කාන්තාවන් 11 දෙනෙකු සිටින බව එම කණ්ඩායම පවසයි.

සිරියාව විසින් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන මෙම ප්‍රදේශයට එරෙහිව ගුවන් ප්‍රහාර සිදු කරයි.
වෙළඳපල, පාසල්, පොදු පහසුකම් සහ මානුෂීය සේවකයින් මෙම ප්‍රහාරවල ඉලක්ක කර ඇති බව වයිට් හෙල්මට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

බදාදා දින ඉඩ්ලිබ්හි නැගෙනහිර ගම්බද ප්‍රදේශයේ සර්මින් නගරයේ පාසලක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කල බව එම කණ්ඩායම  වාර්තා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එක් දරුවෙකු මිය ගොස් සිවිල් වැසියන් හය දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්ථා කලේය.

වයිට් හෙල්මට් වලට අනුව, වයඹ දිග සිරියාව සිය මාරාන්තික බෝම්බ ප්‍රහාරයේ තුන්වන දිනයට මුහුණ දී තිබේ.

මේ අතර, ඊසානදිග සිරියාවේ කුර්දි පාලන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද තුර්කි ගුවන් ප්‍රහාරවලින් රටේ අනෙක් පැත්තේ පුද්ගලයින් 11 දෙනෙකු පමණ මිය ගිය බව කලාපයේ කුර්දි ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කළේය .

ඉරිදා තුර්කි අගනුවරට එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයකින් පසු තුර්කි හමුදාව සිරියාවේ සහ ඉරාකයේ කුර්දි ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. අන්කාරා හි කීවේ කුර්දිස්තාන් කම්කරු පක්ෂය (PKK) විසින් ආන්ඩුවට එරෙහිව දශක ගනනාවක් පුරා කැරැල්ලක් දියත් කර ඇත.  තුර්කිය, එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය විසින් එම  පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය කර ඇත.