2-dead-and-18-in-hospital-in-Florida-shooting-amid-Halloween-commemoration

ඇමරිකාවේ ෆ්ලොරිඩා නුවර හැලොවීන් උත්සවයක් අතරතුර වෙඩි තැබීමකින් දෙපිරිසක් අතර ගැටුමක් මාරාන්තික බවට පත් වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දෙදෙනකු මිය ගොස් 18 දෙනකු රෝහල් ගත කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්ලොරිඩා නුවර  Ybor City ප්‍රදේශයේ වෙඩි තැබීම සිදුවූ බව Tampa පොලිස් ප්‍රධානී Lee Bercaw පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම සටන සිදුවූයේ බාර් සහ සමාජ ශාලා කිහිපයක් ඇති ප්‍රදේශයක වන අතර එම අවස්ථාවේ ප්‍රදේශයේ රාත්‍රී විනෝදකාමීන් විශාල සංඛ්‍යාවක් සිටි බව ඔහු පැවසීය. වෙඩි තැබීමට පෙර ගැටුමට සම්බන්ධ පුද්ගලයින් කිසියම් බාර් එකක් තුළ සිටියේ දැයි පොලිසිය තවම තහවුරු කර නොමැත.



අන්තර්ජාලයේ පළ කර ඇති වීඩියෝවෙන් දැක්වෙන්නේ හැලොවීන් ඇඳුම් ඇඳගත් පුද්ගලයින් මත්පැන් පානය කරමින් වීදියේ කතා කරන අයුරුය. වෙඩි හඬ ඇසෙන විට, තෙරපීම ඇති වේ. සමහර අය ලෝහ මේස පෙරළා  පළායති. ඉන් පසු වීඩියෝවෙන් දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් තුවාල ලබා බිම වැටී සිටි කිහිප දෙනෙකුට ප්‍රථමාධාර සපයන ආකාරයයි.

තුවාල ලැබූවන් ප්‍රදේශයේ රෝහල් වෙත ගෙන යන ලද අතර වෙඩි තැබීමට හේතුව නොදන්නා බව පොලිසිය කියයි

එක් සැකකරුවෙකු පොලිසියට භාර වූ අතර විමර්ශකයින් විශ්වාස කරන්නේ අවම වශයෙන් වෙඩික්කරුවන් දෙදෙනෙකුවත් සම්බන්ධ වී ඇති බවයි.