Sharmila-Tagore-talks-about-the-bikini-dress-that-shook-India-in-1962

ඉන්දියාවේ පැරණි ප්‍රවීන රංගන ශිල්පිනියකවන ෂර්මිලා තාගෝර් 1962 වසරේ සිය An Evening in Paris චිත්‍රපටිය සඳහා බිකිනියක් ඇඳීම සහ එය රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ආකාරය ගැන කතා කරතිබේ.

ඇය මෑත කාලයේ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී  60 දශකයේ බිකිනියක් ඇඳීම තහනම් කර තිබු යුගයක  ඇයට එවැනි අභියෝගයක් භාරගැනීමට වීමෙන් එය  'ඉගෙනීමේ ක්‍රියාවලියක්' බවට පත් වූ ආකාරය ගැන විවෘතව කතා  කළාය. ඇයගේ නැන්දම්මා වන සජිදා සුල්තාන් නිවසට පැමිණෙන විට ඇයගේ රියදුරු විසින් ඇයගේ නිවස අවට තිබූ චිත්‍රපටයේ පෝස්ටර් පවා  ඉවත් කළ ආකාරයද ඇය කීවාය.
An Evening in Paris’ චිත්‍රපටයේ බිකිනියකින් සැරසී රූගත කිරීම ගැන විමසූ විට ෂර්මිලා තාගෝර් ඒ ගැන සිනාසුණේ "එය විශාල දෙයක් බවට පත් වුවා" යයි පවසමිනි. 'ඇඳුම් කැබැල්ලක්' මෙතරම් ආන්දෝලනයක් ඇති කරන්නේ කෙසේදැයි ප්‍රකාශ කරමිනි.

“එසේ ඇඳීම සම්පූර්ණයෙන්ම මගේ තීරණයක් වුණා. මට එය කිරීමට බල කළ හෝ ඉල්ලා සිටියේ යැයි මට පැවසිය නොහැකියි.

ඡායාරූප ශිල්පියා ද එය අනුමත කළේ නැත. අපි එය ඉබේම කළා, පසුව විශාල කැළඹීමක් ඇති කළා,” ඇය පැවසුවාය.
“ඒ වගේම ඒකේ ගොඩක් දේවල් තිබුණා. ඒ වගේම මට වාණිජමය වශයෙන් වඩාත් ප්‍රකටවීමට අවශ්‍ය වුනා. මම  හිතුවා මම ලස්සනයි කියලා,”
ඒ වන විට තම සැමියා වන මන්සූර් අලි ඛාන් පටවුඩි ලන්ඩනයේ සිටි බවත් ප්‍රහ්නයේදී තමාගේ එකම සහාය හඬ ඔහු බවට පත්වූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. එකල සන්නිවේදනයේ එකම මූලාශ්‍රය විදුලි පණිවුඩ බැවින්, ඔහු ඇයට ඒවා තිබු පනිවිඩය වූයේ   ෂර්මිලා ලස්සනට සිටින බවත් ඇය කලබල විය යුතු නැති බවත්ය.

කෙසේ වෙතත්, මෙම සිදුවීම නිසා ඇයට යමක් ඉගෙනීමට හැතිවූ බව  පැවසුවාය.
 “මට තේරුණා.. ඔයාට ඔයාගෙම කියලා ලෝකෙක ජීවත් වෙන්න බෑ.

ඔබ ප්‍රසිද්ධ චරිතයක් නම්, ඔබ ඔබේ ප්‍රේක්ෂකයින් තේරුම් ගත යුතුයි , ඔබ සිටින තැන ඔබ තේරුම් ගත යුතුයි . නමුත් මේ වගේ රැඩිකල් දේවල් ඉන්දීය ප්‍රේක්ෂකයන්ට නම් හොඳ නැහැ. මොකද මට ඇත්තටම මිනිස්සුන්ව කම්පනයට පත් කරන්න අවශ්‍ය නැහැ,” ඇය පැවසුවාය , පසුව ඇය චිත්‍රපට කිරීමේදී මේ පිළිබදව සිතා බලා කටයුතු කිරීමට  තීරණයක් ගත් බව කියා සිටියාය..

මුම්බායි නගරයෙන් හදිසියේම අතුරුදහන් වූ පෝස්ටර් ගැන ට්වින්කල් ඛන්නා ඇගෙන් ප්‍රශ්න කළ විට, ෂර්මිලා තාගෝර් සිනාසුණේ මුළු නගරයම නොවේ, නමුත් ඇය ජීවත් වන ප්‍රදේශයෙන් ඒවා ඉවත් කිරීමට තම රියදුරු යොදා ගත් බවයි.

“මොකද මගේ නැන්දම්මා මාව බලන්න ආවා. එතකොට මම  විවාහ වී සිටියේ  නැහැ, විවාහ ගිවිස ගත්තා විතරයි. එහි ෂම්මි කපූර් සිටගෙන සිටින මෙම දැවැන්ත පෝස්ටරයේ මම  එහි පිටුපසින් උන්නා.. ඔහුගේ ශරීරය නිසා මගේ මැද ඉරි ආවරණය වී තිබ්බා. එබැවින් එය මගේ හිස් කකුල් සහ අත් පිටතට තරමක් උද්දීපනය කරන පෝස්ටරයක් වුනා . රාත්‍රියේ මගේ රියදුරු එය පිටතට ගෙන ගියා. ඒත් අම්මා දකින්න ඇති මොකද  පාරේ තව පෝස්ටර් ගොඩක් තිබ්බ නිසා ” ඇය සිනාසෙමින් කීවාය
ෂර්මිලා තාගෝර් අවසන් වරට දුටුවේ ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් චිත්‍රපටයක් වන ‘ගුල්මෝහර්‘ චිත්‍රපටයේ වන අතර එය ඇය වසර 12 කට පසු නැවත චිත්‍රපටවලට පැමිණි එකම අවස්ථාව විය.