දහවල් කාලයට මගී ප්‍රවාහන සේවය සඳහා යොදාගන්නා බස් රථයෙන් රාත්‍රී කාලයේ දී සොරකමේ ගිය බව කියන තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ පුද්ගලයකු සොරාගත් රුපියල් ලක්ෂ තුනකට කට අධික වටිනා දේපළ ද සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු බස් රථයේ කොන්දොස්තරවරයා වන අතර සොරකම සඳහා යොදාගත් බස් රථය ද කඩවත අධිවේගී පාලම යට දී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.බස් රථයේ රියැදුරු ලෙස කටයුතු හිමිකරු සහ අතිරේක කළ කොන්දොස්තරවරයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සොරා ගෙන තිබූ රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා යකඩ පලංචි උපකරණ සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා නයිට්රජන් වායුව අඩංගු සිලින්ඩර දෙකක් සැකකාර කොන්දොස්තරවරයා අනාවරණය කළ තොරතුරු මත පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මාර්ග අංක 261 කඩවත පිටකොටුව පෞද්ගලික බස් රථයක හිමිකරු වන රියැදුරු සහ කොන්දොස්තරවරු දෙදෙනා බස් රථය යොදාගෙන රාත්‍රී කාලයේ දී විවිධ අපරාධවල නියැළෙන බවට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (76495) ක්‍රිශාන්ත මහතාට ලද තොරතුරකට අනුව දින ගණනාවක් තිස්සේ ඔවුන් පිළිබඳතොරතුරු සොයා බලමින් විමසිල්ලෙන් සිට වැටලීම කළ බව පොලිසිය කියයි.හංවැල්ල පහත්ගම ඉදිකිරීම් උපකරණ කුලියට ලබාදෙන වෙළඳසලක් ඉදිරිපිට මෙම මස හත්වැනිදා රාත්‍රී කාලයේ දී බස් රථයක් නවත්වා එයින් බැස ආ පුද්ගලයන් දෙදෙනකු වෙළෙඳසල ඉදිරිපිට ගොඩ ගසා තිබූ යකඩ පලංචි තොගයක් බස් රථයට පටවාගෙන ගොස් තිබූ බව එහි හිමිකරු හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.මෙම මස 14 වෙනි දිනද නුගේගොඩ මිරිහාන වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයකින් රාත්‍රී කාලයේ දී නයිට්රජන් සිලින්ඩර දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් ද එහි හිමිකරු මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
කිසිවෙකුටත් සැක නොසිතන ලෙස සැකකරුවන් බස් රථය වෙළෙඳසල ඉදිරිපිට නවතා මාර්ගය අවහිර කර කාටත් නොපෙනෙන පරිදි සොරකම් සිදුකර ඇතැයි පොලිසිය කීය.සැකකරුවන් එම අපරාධ සිදුකරන අයුරු වෙළඳසල්වල සවිකර තිබූ සීසීටීවී කැමරාවල ද සටහන්ව ඇති බව පොලිසිය කියයි. එම අපරාධ දෙක සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් එම අපරාධ දෙක සිදුකළ බවත්, සොරාගත් දේපළ පෑලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් 80000/= මුදලකට විකුණා මත්ද්‍රව්‍ය පානය කළ බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු සහ පළාගිය සැකකරුවන්දෙදෙනා තදින් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් පානයට ඇබ්බැහිවූවන් බවත් පොලිසිය කියයි. මෙයාකාරයෙන් තවත් සොරකම් සිදුකර ඇත්දැයි සොයා විමර්ශන සිදු කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කඩවත ප්‍රදේශයේ පදිංචි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments