රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා ඇමෙරිකන් බොටයිල් – බළල් පැටවකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුංචි අම්මාත්, ඥාති පුත්‍රයකුත් අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි.රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි පියකුට දියණියක් විදේශ සංචාරකයකු ත්‍යාගයකට මෙම බළල් පැටවා ලබාදී ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.
මෙසේ රැගෙන ආ බළල් පැටවා දින කීපයකින් අසල්වැසියකු විසින් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් විවිධ පැමිණිලි අංශයට යොමුකර ඇත. සොරකම් කළ දිනයේදීම නිවෙස ඉදිරිපිටට ආ රාජ්‍ය ආයතනයක වාහනයකින් මෙම බළල් පැටවා රැගෙන ගිය බවට ද පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ.ජී. වික්‍රමසිංහ
0 Comments