chameera-speaks

අලි ඇතුන් ඝාතනය කිරිම ආණ්ඩුව සැලසුම් සහගතව සිදු කරන ආපරාධයක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා
පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ අද (01දා) දින හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට
එක් වෙමිණි.
මෙම මාධ්ය් හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ



මහියංගණයේ පෙරහැරට සිවිල් ආරක්ෂකයෙක් කියා ගත්ත ජඩයෙක් වෙඩි තියනවා, පසුගිය දින 11 ඇතුලත
අලි 38 දෙනෙකු මරලා තියෙනවා.දවසට අලි හතරක් පහක් මරනවා , මේ රාජපක්ෂලා හදපු ජඩ
සංස්කෘතියේ තරම , මේවා මිනිස්සු නිකම් වෙඩි තියලා නෙවෙයි මරන්නේ.

මේක ආණ්ඩුව සැලසුම් සහගතව කරන අපරාධයක්, අර සිවිල් ආරක්ෂක නිලධාරියා උම්මත්තකයෙක් නෙවෙයි ,
වන අලියෙක් කියලා හිතලා වෙඩි තිබ්බේ කියලා කියනවා.

වන අලින්ට වෙඩි තියන්න කියලා වනජිවි අනුයුක්ත කරපු සිවිල් ආරක්ෂක නිලධාරින්ට උපදෙස් ලබාදිලා
තියෙනවා,

මිනිස්සු වෙඩි තියන්නේ නැ , මේක සැලසුම් සහගතව වනජිවි එක සිවිල් ආරක්ෂකයෝ ,
ග්‍රාමාරක්ෂකයෝ යෙදවලා ජිව තුවක්කු සහ උණ්ඩ දිලා වෙඩි තියනවා.

මේක ආණ්ඩුවේ වැඩක් , වනජිවි නිති අධ්‍යක්ෂ සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රංජන් මාරසිංහගෙන් අහන්නේ
තමුන්ලාගේ අනුමැතිය ඇතිවද සතුන්ට වෙඩි තියන්නේ. ආණ්ඩුව කියන්නේ මේක අලි ඇතුල් පෙරහැරවල් වල
ගෙනියනවට විරුද්ධව පෙනි සිටින සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයක් කියලා."