chaotic-teen-dead-one-critical-and-four-injured-in-horrific-crash-on-sydneys-northern-beaches

ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිදුවූ බිහිසුනු අනතුරකින්  තරුණයෙක් මිය ගොස්, එක් අයෙකු බරපතල තත්වයේ පසු වන වන අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙම පිරිමි ළමුන් හය දෙනා සෙනසුරාදා අලුයම 12.20 ට පමණ Toyota HiLux රථයෙන් ගමන් කරමින් සිටියදී වාහනය Bayview හී දී ගසක වැදී අනතුරට ලක් වී තිබේ.
මිය ගොස් ඇත්තේ ඉදිරි මගී අසුනේ සිටි 16 හැවිරිදි තරුණයෙකි.
අනතුර ඉතා බරපතළ බව උතුරු වෙරළ තීරයේ පොලිස් අණදෙන නිලධාරී පැට්‍රික් ෂාකි පැවසීය.

17 හැවිරිදි වියේ සිටි රියපැදවූ තරුණයා රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත පිටත් කර ඇති අතර ඔහුගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



පොලිස් අණදෙන නිලධාරී පැවසුවේ අනෙක් පිරිමි ළමයින් සිව්දෙනා ද රෝහල් ගත කර ඇති බවත් සියල්ලන්ම වයස 16 හා 17 කාණ්ඩයට අයත් වූවන් වන බවත්ය. ඕස්ට්‍රෙලියානු නීතිය අනුව වයස 17 සම්පූර්ණවූ අයෙකුට රියදුරු බලපත් සඳහා අයදුම් කළ හැකි වනඅතර මාස 12 ක පුහුණු කාලයක් සම්පූර්ණ කළ පසු බලපත හිමිවේ.

පොලිස් අණදෙන නිලධාරී ෂර්කි පැවසුවේ පිරිමි ළමනුගේ කකුළ් බිඳී බරපතල තැලීම් තුවාල සිදුව ඇති බවයි.
අනතුරට හේතුව තවමත් සොයා ගෙන නොමැත.
පොලිස් අණදෙන නිලධාරී ෂර්කි පැවසුවේ පස් දෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම මෝටර් රථයේ හය දෙනෙකු ගමන් කර ඇති බවයි.  
පොලීසිය අනුමාන කරන්නේ රාත්‍රිය පුරා පැවති වර්ෂාව අනතුරට හේතු වන්නට ඇති බවයි.