colombo-train-station

කොළඹ කොටුවේ සිට ඊයේ (15) සවස 4.35 ට පමණ මහනුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ දුම්රියේ ප්‍රධාන නියාමකවරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් පරීක්ෂකවරයකු දෙනෝදාහක් බලා සිටිය දී එකිනෙකාට ගුටි ඇනගත් බව කියමින් දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.දුම්රිය අටවැනි වේදිකාවේ නතර කර තිබිය දී

ඔවුන් දෙදෙනා කිසියම් කරුණක් මුල්කරගෙන එකිනෙකා ගුටි බැට ඇන ගෙන ඇති අතර එය දුටු දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් ගැටුම මැඬ පවත්වා දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇතැයි කොටුව දුම්රිය ස්ථානයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප'යට පැවැසීය. දෙදෙනාම මෙය සමතයට පත්කර ගැනීමට අකැමැත්ත ප්‍රකාශ කර සිටි නිසා ඔවුන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සඳහා කොටුව පොලීසියට බාර දීමට දුම්රිය ආරක්ෂක හමුදාව පියවර ගෙන තිබිණි.

දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අංක 8 වේදිකාවේ මෙම දුම්රිය නතර කර තිබිය දී

ඔවුන් දෙදෙනා අතර මෙම ගුටිබැට හුවමාරුව සිදු වී ඇතැයි කොටුව දුම්රිය ස්ථාන ආරංචි මාර්‍ග සඳහන් කරයි. මහනුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ අ 35 දරන දුම්රියේ සිටි මගීන් අංක 37 දරන දුම්රි නංවා 5.15ට පමණ මහනුවර බලා පිටත් කර හැ බව කොටුව දුම්රිය ස්ථානයේ එම නිලධාරි කීය. මේ නිසා එම දුම්රියෙන් ගමන් කිරීමට සිටි මගීන දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කියති.
 ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය