කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ ඇති අවුරුදු 150ක් පමණ පැරණි දිරාගිය ගස් ඉවත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට විශ්වවිද්‍යාල උපදේශක කාර්යසහාය එළඹෙන 23වැනිදා වනවිට ලබා ගැනීමට අදහස්කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පවසා සිටියේ, පෙරේදා (14දා) නගර සභා ශ්‍රවණාගාර ශාලාවේදී දිරාගිය ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය.
මෙම ගස් සම්බන්ධයෙන්පසුගිය 10වැනිදා කරන ලද විද්‍යාත්මක පරික්ෂණයක්ද සිදුකර තිබිණි. එසේම ඊට විශ්වවිද්‍යාල උපදේශක කාර්ය සහාය ලබාගැනීම සදහා වන රක්ෂණ සහ පරිසර කමිටු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් තීරණය කර තිබිණි. ඒ සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ ලිඛිත ඉල්ලීමක් සහිතව විශ්වවිද්‍යාලවල සිටින වෘක්ෂලතා පිළිබඳ දැනුවත් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා ගැනීමට නාගරික කොමසාරිස්වරිය තීරණය කර තිබේ.
ඒ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ, කොළඹ විශ්වවිද්‍යාල වටරවුම, කොල්ලුපිටිය, බම්බලපිටිය, නාරාහේන්පිට, මොරටුව ආදී ප්‍රදේශවල අවදානම් සහිත ගස් හා දැනට දිරාගොස් ඇති ගස් පිළිබඳ කොළඹ මහ නගර සභාවට පෙරේදා (14දා) වනවිට පැමිණිලි 60ක් ලැබී ඇති බවයි.
චන්දන සමරවික්‍රම
0 Comments