counter-attack-teachers-ibbagamuwa

ඊයේ බත්තරමුල්ලේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය පිළිකුල් සහතගත හෙළා දකිමින්, පාසල් දේශපාලනීකරණය කිරීම අනවශ්‍ය බව දක්වන විරෝධතා පුවරු සහිතව අද ඉබ්බාගමුව විදුහලේ ඇමතිවරුන් පැමිණෙන්නට නියමිතව සිටි උත්සවයකදී ගුරු විරෝධතාවක් පැවැත්විණි.
මේ හේතුවෙන් රොෂාන් රණසිංහ ඇමතිවරයා රෝහණ දිසානායක රාජ්‍ය ඇමතිවරයා හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යු.කේ සුමිත් ඇතුළු දේශපාලන කන්ඩායම උත්සවයට වද්දා නොගෙන එළවා දමා තිබුණි.
ඔවුහු නැවත හැරී ගියහ.
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා තණපිඩලි ඇල්ලීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් මෙම උත්සවය පැවති බව කියැවේ.


රොෂාන් ඇමතිවරයා පැමිණෙන අවස්ථාවේ දී විදුහලේ ගුරුවරු විදුහල ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කර තිබුණි.
ඇමතිවරයා සමග ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී යු.කේ සුමිත් ඇතුළු දේශපාලකයින් පිරිසට මෙම දැඩි විරෝධය එල්ල වී තිබුණේ විදුහලේ ගුරුවරුන්ගෙනි.
විදුහලේ සියලුම ගුරුවරුන් පාසලෙන් එළියට පැමිණ මෙම විරෝධතාවය දක්වන්නේ ඊයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයට එරෙහිව රජයට පිළිකුල් සහග විරෝධය ප්‍රකාශ කිරීම සඳහාය.


මතුවී ඇති දැඩි විරෝධතාවය හේතුවෙන් පාසල අසලට පැමිණි ඇමතිවරයා ප්‍රමුඛ දේශපාලකයින් හැරී ගොස් තිබුණු අතර ක්‍රීඩා පිටියේ දෙවැනි අදියර ආරම්භ කිරීම ඒ වෙනුවට ආ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී ආරම්භ කර තිබුණි.