deepthi-malsha-wayamba-university-death

වයඹ විශ්ව විශ්වවිද්‍යාලයට අනුබද්ධව මාකඳුර පශු සම්පත් සහ ධීවර පෝෂණ පීඨයේ සිසුවියක හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇතැයි පන්නල පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ධර්මපාල පාරේ පදිංචිව සිටි එස්.එච්.ඩබ්ලිව්.කේ. දීප්ති මල්ෂා නමැති (23) සිසුවියකි.බඩේ කැක්කුමක් සහ ආසාදනයක් ඇති වූ ඇය මුලින්ම සඳලංකාව රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පන්නල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.



ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 13 වැනිදා මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් ඉකුත් 14 වැනිදා පැවැත් වූ අතර සිසුවියගේ මරණයට නිශ්චිත හේතුවක් එහි දී අනාවරණය නොවූ බව පොලිසිය සඳහන් කරයි. සිසුවියගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමට තීරණය කර ඇත.

රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සිසුවියගේ මරණයට හේතු ප්‍රකාශ කරන බව අධිකරණ වෛද්‍යවරයා දැනුම් දුන්නේ යැයි පොලීසිය කියයි. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ පන්නල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය