diana-gamage-sujith-rohana

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා විසින් කළ බව කියන පහරදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (20) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පුස්තකාලය අසල මන්ත්‍රී විදුලි සෝපානය අසලදී තමන්ට මෙම පහරදීම සිදුවූ බවයි.


සිදුවීමෙන් අනතුරුව සභා ගැබටද ගිය රාජ්‍ය ඇමතිවරිය කතානායක අමතා එසේ කියා සිටියේ තුවාල සහිතවද රහිතවද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත් අද සන්ධයා කාලයේ ඇය රෝද පුටුවක ආධාරයෙන් රෝහලේ ඇතුළට කැඳවා ගිය අතර එම අවස්ථාවේ ඇගේ ගෙළ වටා වෙළුම් සවිකර තිබුණි.
කිසියම් පහරදීමේ පැමිණිල්ලකදී යමෙකු අත්අඩංගුවට ගැනීමට නම් තුවාල බරපතල බව පෙන්වීම හෝ රෝහල් ගතවීම අවශ්‍ය වන අතර මෙම තත්ව යටතේ පහරදුන් අය අත්අඩංගුවට ගනීද යන සැකය මතුවේ.

රාජ්‍ය ඇමතිවරිය විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතරම, සිදුවීමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර දෙදෙනාද වෙනත් පැමිණිල්ලක් මිරිහාන පොලිසියට ඉදිරිපත් කර ඇතැයි වාර්තා විය.