dr-wijayawardane-shoot-mw

කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ වාණිජ බැංකුවක් ඉදිරිපිට අද දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ. සුඛෝපභෝගී රථයකින් පැමිණි දෙදෙනෙකු වෙඩික්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.


පාර්සලයක් ලබා ගැනීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත සුඛෝපභෝගී රථයකින් පැමිණි මෙම දෙන්නා ඇත්තේ මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධ ගැටලුවකට වියහැකි බවට පොලිසිය සැකකරයි.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනාගේ වාහනය නතරකර අද දහවල් 12.30ට පමණ පැහැරගැනීම සිදුකර ඇතැයි කියැවිණි.පැහැර ගැනීම සිදුකරන අවස්ථාවේ තරුණයකු ඔවුන්ගෙන් බේරීමට දඟලනවිට බිය කිරීමට වෙඩි දෙකක් බිමට තබා ඇති බව කියැවිණි.මෝටර රථයේ ගමන් කළ දෙදෙනාව පිරිස පැහැරගෙන ගොස් තිබුනි.
පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මෙම සිදුවීම පසුපස සිටින බවට ආරංචිද පැතිර පවතී.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර CCTV දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන අරඹා තිබේ.