elon-musk-issue

ලෝකයේ ඉහළම ධනවතෙකු බවට පත්ව සිටින 52 වියැති එලොන් මස්ක් කාන්තාවන් තිදෙනෙකු සමඟ කායික සබදතා පවත්වා ඇති අතර ,ඔහුට අවම වශයෙන් දරුවන් 11 දෙනෙකු පමණ සිටී.
ඔහුගේ එක් බිරියක වන්නේ ගායිකා ග්‍රීම්ස්ය. ඔහුට දාව ඇය දරුවන් තිදෙනෙකු බිහිකර තිබුණි.
මේ දරුවන් තිදෙනාගේ මාපිය අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෑතකදී ඇය නීතිමය පෙත්සමක් ගොනු කර ඇත.



උසාවි වාර්තා පෙන්නුම් කරන්නේ ග්‍රීම්ස්ගේ නීත්‍යානුකූල නම ක්ලෙයාර් බවුචර් බවත් , ඇය සැප්තැම්බර් 29 වන දින "දෙමාපිය සබඳතා ඇති කර ගැනීම සඳහා" පෙත්සමක් ගොනු කළ බවත්ය.

35 හැවිරිදි ග්‍රීම්ස්,  සමාජ මාධ්‍ය සටහනකින් මස්ක් මහතාට ඇගේ එක් පුතෙකු හමු වීම තහනම් කල බවටද සදහන් කළාය.

සැන් ෆ්රැන්සිස්කෝ හි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද පෙත්සමේ විස්තර ප්‍රසිද්ධ කර නොමැත.

Grimes සහ Musk හට දරුවන් තිදෙනෙක් සිටිති. 2020 මැයි මාසයේදී පුතෙකුත් , 2021 දෙසැම්බර් මාසයේදී දියණියෙකුත් උපත ලබා ඇති අතර,  
තුන්වන දරුවා වන ටෝ නම් පිරිමි ළමයා පසුගිය වසරේ ජුනි මාසයේදී උපත ලැබූ බව මාධ්‍යවේදී වෝල්ටර් අයිසැක්සන් විසින් ලියන ලද මස්ක් මහතාගේ චරිතාපදානයකින් මෑතකදී අනාවරණය විය.



Musk වෙස්ට්වර්ල්ඩ් නිළි තලූලා රිලී සමඟ දෙවරක් විවාහ විය. මෙම යුවළ මුලින්ම 2010 දී විවාහ වූ නමුත් 2012 දී දික්කසාද විය. එම දික්කසාදයෙන් වසරකට පසුව නැවත සමාදාන වූ අතර 2016 දී නැවත දික්කසාද විය.

මතභේදයට තුඩු දී ඇති මස්ක්ගේ පවුල් ගැටලු වලට අමතරව ඔහුට මෑත කාලීන තවත් නඩු දෙකක්ද වැටී ඇත. ඉන් එකක් අසත්‍ය පෝස්ට් එකක් නිසා තමාට හිරිහැරයක් සිදු වූ බව පවසමින් කැලිෆෝනියාවේ පුද්ගලයෙක් පවරන ලද නඩුවක් වන අතර , X Social Media නම් සමාගම ට්විටර් හි නව නම සඳහා වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අනෙක් නඩුව ගොනු කර ඇත.