emition-test

කළු දුමාරය පිටකරන වාහන වැටලීම සඳහා වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙළක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව දුම් පරික්‍ෂාව වෙනුවෙන් ජනතාව වියදම් කරන මුදලෙන් පරිසර ආරක්‍ෂාව වෙනුවෙන් වාහන වායු විමෝචන පරීක්‍ෂණ භාරකාර අරමුදලට බැර වන 10%ක මුදලින් උපරිම ප්‍රයෝජන ජනතාව වෙතම නැවත ලබාදීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වායු විමෝචන අරමුදල සිය වැඩසටහන් පුළුල් කරමින් පවතින බව සඳහන් කරයි.



ඒ යටතේ අධික ලෙස කළු දුමාරය පිටකරන ලොරි, බස් රථ ඇතුළු වාහන සම්බන්ධයෙන් වායු විමෝචන අරමුදලේ 070-3500525 යන වට්ස් ඇප් අංකයට හෝ 011-2669915 යන අංකයටද පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

වායු විමෝචන මධ්‍යස්ථාන 460ක් ස්ථාපිත කර තිබෙන අතර, වායු විමෝචන ජංගම රථ 70ක්ද ක්‍රියාත්මක වේ.

මාර්ගයේ කළු දුමාරය පිටකරන වාහනයේ ඡායාරූපයක්, වාහනය ගමන් කරමින් පැවති ස්ථානයද සහිතව ඉහත වට්ස් ඇප් අංකයට හෝ වෙබ් අඩවියට යොමු කිරීමෙන් එම වාහන හිමියන්ට විරුද්ධව පියවර ගැනීමට වායු විමෝචන අරමුදල කටයුතු කිරීමට නියමිතය.

සිය වාහනයෙන් විෂ දුමාරය පිටවීම අවම කිරීමට වාහන හිමියා නිසියාකාරව කටයුතු නොකරන්නේ නම්, අදාළ වාහනයේ ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කිරීමට නියමිතය.

එලෙස අසාදු ලේඛනගත වුවහොත් එම වාහනය තවත් අයෙකුට විකිණීමට හෝ පැවරීමටද නොහැකිය.
-නවෝද්‍යා පවනී