eyon-lanka-fraud

කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් නම් මූල්‍ය ආයතනය මගින් වෛද්‍යවරුන් හා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් ඇතුළු 8,000ගෙන් පමණ රුපියල් කෝටි 1000ක  පමණ මුදලක් වංචා කර ඇතැයි මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කරගෙන තිබුණි.තැන්පතු සඳහා මසකට සියයට 6 ක පොලියක් ලබාදී ඇති අතර පසුව එම පොලී මුදල් ලබාදීම පැහැර හැර තිබේ.
එහි හිමිකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පසුව පොලිසිය අල්ලාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය අනාවරණ කරගෙන ඇත්තේ වෛද්‍යවරුන් හා විශ්‍රාමික හමුදා සෙබළුන් රැසක් මෙම ජාවාරමට හසුවී ඇති බවය.


මෙම ආයතනය මහ බැංකුව මගින් අනුමැතිය ලබා නොතිබූ ආයතනයකි.
තැන්පත්කරුවන් හිමිකාර පුද්ගලයාගේ නිවසට ගොස් ඇති අවස්ථාවලදී එහි සිටි ඔහුගේ ආරක්ෂකයින් තමන්ට තර්ජනය කර තිබුණි. හමුදාවට සම්බන්ධ දෙන්නෙකු ‍මෙයට සම්බන්ධව සිටි නිසා බලය පෙන්වා තැන්පත්කරුවන් බයට පත්කර ඔවුන් සැඟවී සිටි බව කියැවේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොර “ඉයොන් ලංකා පුද්ගලික සමාගම” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 1000 කට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන ලිපිකරුවන් වන යුද හමුදා විශ්‍රාමික සැරයන්වරුන් දෙදෙන ලබන 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වාරියපොල මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා පෙරේදා (26) නියෝග කළේය.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරහු ලැවේ 'ඉයොන් ලංකා පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන ලිපිකරුවන් වන  ධම්මික කුමාර අතපත්තු හා නිහාල් ගුණවර්ධන නමැති විශ්‍රාමික යුද හමුදා සැරයන්වරුන් දෙදෙනෙකි. මේ අයට විරුද්ධව විදෙස් ගමන් තහනමක්ද අධිකරණය මගින් ලබාගෙන තිබුනි.
 තැන්පත්කරුවන් තැන්පත් කළ මුදල්වලින් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයා කුරුණෑගල වැව රවුමේ ඇතුළු ප්‍රදේශ රැසක සුඛෝපභෝගී නිවාස හා ඉඩම් මිලදීගෙන ඇති බව සිදුකළ විමර්ශනවලදී පොලීසිය අනාවරණ කරගෙන තිබේ.