ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන මඟින් ලංකාවට ගෙන ඒමට සම්බන්ධ සහ එලෙස ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට ඛෙදා හැරීමට සම්බන්ධ වූයේ යැයි කියන සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (30) විදේශ ගමන් තහනමක් පැනවූවාය.මෙම අපරාධයට සම්බන්ධ වූවන් රටින් පිටව යෑමේ සූදානමක් ඇතැයි කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස විදේශ ගමන් තහනමක් පැන වූ මහේස්ත්‍රාත්වරිය අදාළ පුද්ගලයන්ට රටින් පිටව යෑම තහනම් කර ඇති බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දීමට ද නියම කළාය"
මෙලෙස විදේශ ගමන් තහනම් කරන ලද්දේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වෛද්‍ය විජිත් ගුණසේකර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක, ඖෂධ ගෙන්වූ බව කියන සමාගමේ නිලධාරියකු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති යන මහත්වරුන්ටය. මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මහේස්ත්‍රාත්වරිය රහස් ලෙසද පොලිසියට නියම කළාය.
සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී මෙම අපරාධයට සම්බන්ධ තොරතුරු හෙළි වූ බවත්,සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරන බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙයට සම්බන්ධ සැකකරුවන් විදේශගත වීමට හැකියාව ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය. මෙලෙස රටින් පිටව යෑම තහනම් කරමින් නියෝගයක් පනවන ලද්දේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්යක්ෂ විජිත ගුණසේකර" සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂක කපිල වික්‍රමනායක සහ ඖෂධ ගෙන්වු සමාගමේ නිලධාරියෙකු වන අරුණ දීප්ති යන මහත්වරුන්ටය”
මනෝප්රිය ගුණසේකර
0 Comments