father-daughter-story

මෙම සිදුවීම ඉන්දියාවේ  ජාර්කන්ඩ් ප්‍රාන්තයේ සිදුවූවකි . පියෙකු තම විවාහක දියණිය ඇගේ නැන්දම්මාගේ නිවසේදී විඳි පීඩාවන් හමුවේ ඇය නැවත ගෙන්වා ගැනීම සඳහා  මංගල පෙරහැරක් රැගෙන එම ගෙදර වෙත ගොස් තිබේ.


දැරියගේ පියා වන ප්‍රේම් ගුප්තා පැවසුවේ තම විවාහක දියණිය වන සාක්ෂි ගුප්තා නැන්දම්මා විසින් නිරන්තරයෙන් සූරාකෑමට සහ හිරිහැරයට ලක්වූ  බවයි.


ඔහු වීඩියෝවකින් කියා සිටියේ..
 “මිනිසුන් තම දියණියන් විවාහ කර දෙන්නේ උත්කර්ෂවත් ලෙසයි , නමුත් එම සැමියා  සහ ඔහුගේ  පවුලේ අය වැරදි දේ කළහොත් බලා නොයිද  ගෞරවාන්විතව ඔයාගෙ දුවව ආපහු ගෙදරට ගෙන්වා ගන්න.මොකද දුවලා කියන්නේ හුගක් වටින අය ” යනුවෙනුයි.
2022 අප්‍රේල් 28 වැනි දින තම දියණිය වන සාක්ෂි සචින් කුමාර් නම් පුද්ගලයකු සමඟ විවාහ වූ බව ප්‍රේම් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


රංචි හි සර්වේශ්වරී නගර් හි පදිංචි සචින්, ජාර්කන්ඩ් විදුලිබල බෙදාහැරීමේ සංස්ථාවේ සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි.
දින කිහිපයකට පසු තම දියණියගේ නැන්දම්මා ඇයට හිරිහැර කිරීමට පටන් ගත් බව ප්‍රේම් චෝදනා කළේය. සචින් කුමාර් (සාක්ෂිගේ සැමියා) ඇයට හිරිහැර කර නිවසින් එළවා දැමීය. වසරකට පසු, ඇය විවාහ වී සිටින පුද්ගලයා දැනටමත් දෙවරක් විවාහ වී ඇති බව දැන ගැනීමෙන් ඇය කම්පනයට පත් විය.

කෙසේ වෙතත්, ඇය සම්බන්ධතාවයෙන් ඉවත් වීමට තීරණය කළාය. ඇගේ පියා සහ පවුලේ සාමාජිකයන් සාක්ෂිගේ තීරණය පිළිගෙන, ඇගේ නැන්දම්මාගේ නිවසේ සිට පෙරහැරකින් ඇයව ඇගේ මහගෙදරට කැඳවාගෙන එන ලදී.ප්‍රේම් ගුප්තා පැවසුවේ තමන් මෙම පියවර ගත්තේ සතුටට බවත් තම දියණිය සූරාකෑමෙන් නිදහස් වූ බවත්ය. සාක්ෂි දික්කසාදය සඳහා උසාවියේ නඩුවක් පවරා ඇත. මේ අතර සචින් කියා සිටියේ තමන් සක්ෂිගේ නඩත්තුව ගෙවන බවයි.