fish-kandana-police

කදාන පොල්පිටිමූකලාන ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයකුගේ නිවෙසට ඉකුත් 5 වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගිය බව කියන පුද්ගලයකු සපුගස්කන්ද, පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී කඳාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඊයේ (16) අලුයම ඇති වූ වෙඩි හුවමාරුවක දී වෙඩි කා මිය ගිය බව කඳාන පොලිසිය පවසයි.මෙසේ මැරුම් කා ඇත්තේ මාබෝලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රාමයියා ජෙයරාජ් හෙවත් ජයා නමැති 48 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන අයකු යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.ඔහු නවාතැන් ගෙන සිට ඇත්තේ, පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන,

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ මාකඳුර් මධූෂ් නමැත්තාගේ ඥාතියකුගේ නිවෙසක් කුලී පදනම මත ලබාගෙන යැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. පොල්පිටි මූලකාන ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයකුගේ නිවෙසට වෙඬ ප්‍රහාරයක් එලල් කර පලා ගිය බව කියන රාමයියා නමැත්තා සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට කඳාන පොලිසියට ලැබුණු තොරතුරක් මත කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී හේවාවිතාරණ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එම නිවෙස වටලා ඇති අතර සැකකරු පොලිස් කණ්ඩායම දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි එම නිලධාරියා කීය.

පොලිස් කණ්ඩායම ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව පතා ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ රාමයියා නමැත්තා වෙඩි වැදී බරපතළ තුවාල ලබා ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය. ව

ෙඩි කා බරපතළ තත්වයේ සිටි ඔහු පොලිසිය මැදිහත් වී කඩිනමින් කිරිබත්ගොඩ මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පරීක්‍ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පොලිසිය කියයි. ඩුබායිහි සැඟව සිටි පාතාල කල්ලි නායකයකුගේ වුවමනාව මත ඔහු මෙම මාළු ව්‍යාපාරිකයාගේ නිවෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
ලාල් එස්. කුමාර