france-bird-flu

ප්‍රංශය එරට තුළ සිටින තාරාවන් මිලියන ගණනක් වෙත කුරුලු උණට එරෙහි එන්නත විදීම අරඹා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, යුරෝපය තුළ මෙවැනි ආකාරයේ එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ පළමු වැනි රට බවටද ප්‍රංශය ඉතිහාසයට එක්වෙයි.



විශේෂයෙන්ම, මෙම කුරුලු උණ වසංගතය නිසා ඉදිරියේදී සිදුවිය හැකි දැවැන්ත සත්ත්ව ඝාතනයක් වළක්වා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ. මෙලෙස ආසන්න කාලසීමාවේදී කුරුලු උණ ඇතුළු වසංගත නිසා තාරාවන් ඝාතනය කිරීම හේතුවෙන් එම කර්මාන්තය වෙත දරුණු බලපෑම් එල්ල වී තිබේ.

"මේ වෛරසය නිසා ඉහළ පීඩනයක් එල්ල වෙනවා. ඒත් එන්නත්කරණය කියන්නේ අපි අදටත් මුහුණ දෙන්නේ තනි තතනි සිදුවීම්වලට විතරයි. ඒ නිසා ගොවිපොළ පුරා දැවැන්ත වසංගත රැල්ලක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෙය වැදගත් වෙනවා.” යනුවෙන් ගොවිපොළ සංගම් සඳහන් කරයි.



මෙහිදී, එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම සිදුකරන අතර වයස දින 10ට වඩා වැඩි සියලුම තාරාවන් වෙත එන්න ලබාදෙයි. එසේම, ඔක්තෝබරය වනවිට තාරාවන් 250කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින ගොවිපොළ මෙම එන්නත්කරණය සදහා සුදුසුකම් ලබයි.

ප්‍රංශය තුළ මීට පෙර 2015-17 කාලසීමාවේදී කුරුලු උණ වසංගත රැල්ලක් ව්‍යාප්ත වූ අතර, යළිත් වරක් 2020 වසරේදීද එවැනි රැල්ලක් මතු විය. කෙසේ වෙතත්, මේ වනවිට එරට තුළ එවැනි කුරුලු උණ රෝගී තත්ත්වයක් වාර්තා වී නොමැත.

එක් පක්ෂියෙකු හෝ කුරුලු උණ සහිත බවට හඳුනාගැනීම යනු එම ගොවිපොළේ සිටින සියලුම සතුන් මරා දැමීමට තීරණය කිරීමකි. එහෙත්, මෙය එරට තුළ මාංශ නිෂ්පාදනය වෙත බලපෑම් එල්ල කරන අතර, එය ගොවීන්ගේ ආර්ථිකය වෙතද දරුණු ලෙස බලපාන බව බලධාරීන් සඳහන් කර සිටියි.