
එම පුද්ගලයා කංසා මිලිග්‍රෑම් 760ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය 16 වැනිදා ගලගෙදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන, ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (17 වැනිදා) ඉදිරිපත් කරනු ලැබීය.කංසා ළඟ තබා ගෙන සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මාස 6ක කාලයක් සඳහා පුනරුත්ථාපනය කිරීමට අධිකරණය නියෝග කළ බව පොලීසිය කියයි.
එම නියෝගය ලැබීමෙන් පසු අධිකරණයේ විවෘත සිර මැඳිරියේ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සැකකරු රඳවනු ලැබ ඇත.
සිර මැඳිරියේ දොර විවෘත කළ අවස්ථාවේ එක්වරම ඉන් එළියට පැනගත් සැකකරු, අධිකරණයේ නඩු කටයුතුවලට පෙනී සිටීමට පැමිණ සිටි නීතිඥවරියකගේ ගෙල සිර කර, ඇය මරා දැමීමට උත්සාහ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. මේ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන් එම උත්සාහය වළක්වා, නීතිඥවරිය මුදාගෙන, සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.පසුව, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර ඇත. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ, එච්.එම්.එල්.එස්. කුමාර හේරත් නමැත්තෙකි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval