gayathri-dias-speaks

රංගන ශිල්පිණී ගයාත්‍රී ඩයස් යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී  ‘සිංගල් මාම්‘, ‘ලිවින් ටුගෙදර්‘ සංකල්ප ගැනත් ඇගේ අඩුවයස් කසාදය ගැනත් ගැහැණු පිරිමි වෙන්ව ජීවත්වීම ගැනත් අදහස් රැසක් කථාබහ කරයි. ‘ගීත්‘ යූටියුබ් නාලිකාවේ පළවූ මෙම සාකච්ඡාවේ උපුටන කිහිපයක් මේ සමග පළවේ.


ජීවිතේ ලස්සන වෙන්නේ අපේ දරුවොත් එක්ක නේ මං දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් ඉතින් ලොකු කාලයක් තිස්සේ අම්මා කෙනෙක්.
කසාදය කියන එකට ආදරේ අවශ්‍යයි. මං ආදරේ කළා ඒත්  විවාහය හැබැයි චුට්ටක් කලින් සිදුවුණා.  මට එහෙම කසාද බඳින්න ඕනේ කියලා හිතෙන කාලෙක නෙමේ කසාද බැන්දෙ. මොකද මට අවුරුදු දාහතේ දී තමයි මම බැන්දේ. එතකොට මම ඒ ලෙවල් කරන්න මාස දෙකක් ඉස්කෝලෙ ගියා විතරයි. ඉතින්  අහඹු ලෙස චන්න අයියව මට හම්බුනා. ඉතින් ඒ හමුවීම තුළ එයා කිව්වා කසාද බඳින්න ඕනේ කියල. ඉතින් මාත් ගෙදරින් ඇහුවම කමක් නෑ කිව්වා ඒ විදිහට සිද්ධ උනා.
 ආදරයක් තිබ්බා. පොඩි බැඳීමක් තිබ්බ.. බොහොම ඉක්මනින් මාස පහක් හයක් වගේ පොඩි කාලෙක දැන හැඳුනුම්කමක් මත කසාද බැන්ඳ .
17 දි බඳින එක මට හොඳයි කියලා නම් කියන්න බැහැ. හේතුව වෙන්නේ දාහතක් දහ අටක කියන්නේ. ඉතින් ඇත්තටම ‘ටීනේජ්‘ කෙනෙක් ‘නයින්ටීන්‘ වෙනකම් අපි ‘ටීනේජර්‘ නේ. එතකොට අවුරුදු 20 පහු වෙනකන් පොඩ්ඩක් ඉන්න ඕන. ඉතින් අර මම කසාද බැඳපු එක සාධාරණ හේතුවක් මේ කියලා මට කාටවත් කියන්න බෑ නමුත් මගේ පැත්තෙන් ගත්තම මම ගත්ත තීරණය සහ එකේ තිබිච්ච වටපිටාව අනුව ඒක සිද්ධ වුණා. නමුත් ඒක කසාදයට සුදුසු වයසක් නෙමෙයි.
කසාදය අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. නමුත් අපි ඉන්න රටත් එක්ක අපේ සංස්කෘතියත් එක්ක අපිට පුරුදු වෙලා තියෙනවා. අපි අර ලිවින් ටුගෙදර් කියන එකට කැමති නෑ ..දරුවන් හදන්න නම් අපේ දරුවන්ට බර්ත් සෙටෆිකට් එකක් තියෙන්න ඕන ඔක්කොම ‘ෆිල්‘ වෙලා තියෙන.
දෙමාපියන් කසාද බැඳලා කියන එක තියෙන්න ඕන. එහෙම තිබුණමයි මේ දරුවන්ට ඒක වටින්නේ. ඒක අපි හදාගත්ත දෙයක්. අපේ මේ සංස්කෘතිය ඇතුළේ .




 හැබැයි ඒ කාලයට වඩා අද කාලෙ වෙනස් .. ‘ලිවින් ටුගෙදර්‘ කියන එක ඒකාලෙතිබ්බා. නමුත් ඉතින් මං දන්න විදිහට අපේ රටේ තාම ඕක එච්චර ලොකුවට සිද්ධවෙන්නේ නෑ. මොකද අපි හැම තිස්සේම උත්සාහ කරනවානේ. මෙහෙ එහෙම නොවී ඉන්න. ‘යංග් ඒජ්‘ එකේදි කසාද වලට එහෙම නිදහසක් තාම අපේ අපේ ගෙවල් වල නෑ. අපි නම් දරුවන්ට අපි ඉඩ දෙන්නෙ නෑ.

දැන් ‘ලිවින් ටුගෙදර්‘ කියන එකේ ඉන්නේ වෙන අයනෙ. ‘මැරි‘ කරල පැත්තකට වෙච්ච අය එතකොට කසාද නොබැඳපු පිරිමි ළමයි එතකොට ඒ වගේ කසාද බැඳලා අයින් වෙච්ච ගෑනු.

 කසාදයත් එක්ක මගේ ජීවිතේ වෙනස් කරගන්න හැදුවා කියලා කිව්වොත් හරි මොකද  කුඩා කාලේ ඉඳලා  අපේ ගෙදර ගත්තොත් එහෙම ලොකුවට ‘ෆැමිලි බැක්ග්රවුන්ඩ්‘ තිබ්බේ නැති නිසා මම එහෙම පවුලක් හෙව්වා.
දන්නෑ මට එහෙම හිතෙනවා. එහෙම හිතිලා මං හිතන්නේ මම හරි ආස වුණා. චන්න අයියාගේ ‘ෆැමිලි‘ එකට ඒ ගෙදර තියෙන එකමුතු කමට ගමක ජීවත් වෙන ඒ පවුලට හරි ආස කළා.
ඉතින් මේ මං හිතන්නෙ මං ඒක හෙව්වා වෙනසක් දකින්න..

මට ලොකු බබා බැඳලා අවුරුදු දෙකකට පස්සේ 19 දි තමයි හම්බුනේ. ඒ කොහොම වුණත් මම අවුරුදු දාහතේ දී මම හරි ධෛර්යවන්ත ගෑණු ළමයෙක්. මොකද මට ඕනම දෙයක් කරන්න පුළුවන් කම තිබ්බා. මොකද මං ඒ දවස්වල ගෙදර සෑහෙන බරක් කරට අරගෙන වැඩ කරපු කෙනෙක් කුඩා කාලේ ඉඳලා.. මොකද මගේ අම්මා අප්පච්චි දෙන්නම සමහරවිට ගෙදර හිටියේ නෑ අම්මා වෙන  රටක හිටිය කාලයක් තිබුණා.. ඒ කාලෙත් අප්පච්චියි මමයි අපි හිටියේ. ඒ කාලේ මං ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් කෑම පවා හදනවා. ඉතින් ඒක ලොකු හයියක් මට ඒ නිසා මම කිසි දෙයකට බය කෙනෙක් නෙවෙයි අවුරුදු දාහත කියලා කිව්වට ඒක ඉලක්කමක් විතරයි.

ඔබ කියන විදිහට ඔබ දරුවන් එක්ක ගෙදර. හැබැයි තමන් විනෝදකාමී ජීවිතයක් ගත කරල ඉවරවෙලා ගෙදරට කොටු වෙනවා. පිරිමියා ගොඩක් වෙලාවට විනෝද වෙනවා. සතුටු වෙනවා කියලා තමන්ගේ මනසට එන ඔබේ ස්වාමිපුරුෂයා එළියට යනවා. අවිශ්වාසයක් දැනුනද?

එහෙම දැනෙන්න තරම් මට මේ වෙලාවක් තිබ්බෙ නෑ. ඇත්තටම ඔය ප්‍රශ්නෙදි මං හිතන්නෙ මං උපේක්ෂාවෙන් බලනවා. ෆීල්ඩ් එකේ අය මාත් දකන්නවා.. හැම දෙයක්ම.. චන්න අයියා ෆීල්ඩ් එක ඇතුළේ හිටපු විදියක් තියෙනවා එයා හදාගත්ත නමක් තියෙන අයට අය වගේ ඔයා ඔය කිව්ව විදියට අපි සැක හිතන්න තරම් දේවල් එයාගේ හිස්ට්රි එකක වත් තිබ්බේ නෑ
එහෙම නැති කෙනෙක් ගැන මම බොරුවට සැකයක් අරගෙන නැති ප්‍රශ්නයක් ඇතිකර ගන්න තරම් මට වෙලාවක් තිබ්බෙ නැති නිසා මම මගේ දරුවන්ගේ වැඩ කටයුතු කළා ..මේ දේ කියන්නේ ඇත්තටම තව කෙනෙකුට දෙයක් ගන්නත් එක්ක .. හස්බන්ඩ් කෙනෙක් නම් අනිවාර්යෙන්ම එයා කරන රැකියාව අනුව රැකියාව පමණක්ම නෙමෙයි එයාට අදාළ වෙනත්දේ තිබිය හැකියි. කකා බිබී ඉන්න නිදහසක් දෙන්න ඕන. හොඳට විනෝද වෙන්න හිනා වෙන්න ඕන ඒකත් රැකියාවට අවශ්‍යයි.මම විනෝද වෙන වෙලාවේ මම නරක වැඩක් කරන් නැත්තං එයා කරන්නෙත් නෑ. ඒත් ඒක  කරන තැනට අපි එයාව පත් කළොත් ඒම ඊට පස්සේ ඒකට කෑගහල දඟතල වැඩකුත් නැති වෙනවා.මං නං කෝල් කරකර හැමදේම අහන කෙනෙක් වුනේ නැහැ.




 අපේ සමාජයේ දකින්න අහන්න ලැබෙන දෙයක් තමයි කාන්තාවන් තනි වෙනවා කියන එක. පිරිමින් දාලා යනවා කියන එහෙම තමා හැදෙන්නේ ‘සිංගල් මාම්‘ කියන කොන්සෙප්ට් එක මොකද ඒ ගැන කියන්නෙ?

සිංගල් මාම් කොන්සෙප්ට් එක හොඳයි ජීවත් වෙන්න අවශ්ය කරන තරම් එයාට ඇතිවෙන්න සල්ලි තියෙනව  නම්. මොකද මම ගත්තොත් ඒම. මට ඉන්නේ දුවලා දෙන්නෙක්. එතකොට මම දන්නවනෙ මට මම තනියෙන් තනි පුද්ගලයෙක් හැටියට මට යන වියදම මම දන්නවා එකෙන් මට අවශ්ය කරන දේවල් මම දන්නවා
 මට අවශ්ය වන සියලූම දේවල් ටික තුන්ගුණයකින් මට අවශ්යයි. එතකොට මම හම්බ කරන්න ඕනෙ තුන්ගුණයකින්. එතකොට ඒකට අවශ්ය කරන මුදල් මා සතුයි නම් සිංගල් මාම් කියනකන් නරකක් නැහැ.

මොකද ඇත්තම කියන්න අපි කොච්චර කලත් අවසානයේදී අම්මලා හුඟක් දුරට දරුවන්ව බලනවා. නමුත් අර අපි හැමතිස්සෙම හිතනවා  තව කාගේ රැකවරණයක් ඕන තව කොහෙ හරි යන්න තියෙනවා. මට හැම තැනටම යන්න බැරිනම් අනේ අම්මේ තාත්තා හිටිය නම් එයාව එක්කරගෙන හරි වගේ අවශ්යතාවන් අපිට හිතට එනකොට. සිංගල් මාම් කියන කොන්සෙප්ට් එක වැඩක් නෑ කියලා හිතනවා ඇති.
ඕකේ දෙපැත්තක් තියෙනවා. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපි තව කෙනෙකුගේ උදව් අපිට අවශ්ය වෙන වෙලා ගොඩක් තියෙනවා. මේවට අපි කඩා වැටෙන්නෙ අපිට තනියම කරගන්න අමාරුයි නම්. එයා හිටියනම් මෙහෙම කරයි මෙම කරයි මම හැබැයි කවදාවත් කිසිම වෙලාවක මට නොලැබෙන දේවල් වලට මම රණ්ඩු වෙලා නෑ.
 ෆයිට් කරන මට කරන්න පුළුවන් උපරිමය මම කරලා තියෙනවා මොනා හරි දේකට කතා කරලා ඒකේ ප්‍රතිඵලයක් නැතිනම් මේක ගැන කතා කරන්නේ ඒක ඒ කතා කරන එකේ තේරුමක් නැහැ නිහඬ වෙනතරමට මට මගේ ශරීර සෞඛ්යට බොහොම ගුණයි.
 ඒ නිසා මම හිතන්නෙ දෙන්නෙක් එක්ක ලෝකෙට ගෙන දරුවන් තනියෙන් හදනවා කියන එක අමාරුයි. එතකොට සිංගල් වෙලා ඉන්න වෙන්නෙ සමහර වෙලාවට ලෝකෙට පේන්න විතරයි.
 අපි ඇතුලතින් අපේ සිංගල් එකට අපි දුක් වෙනවා. අපිට බෑ කරගන්න දරුවෝ දෙන්නෙක්ගේ වැඩ දරුවෝ තුන් දෙනෙක් වැඩ එක දරුවෙකුගේ වැඩක් වුණත් මගේ වැඩ ටිකයි ඔක්කොම ටික කරගන්න ටිකක් අමාරුයි මම හිතනවා මේ ඒ සිංගල් මාම් කියන කන්සෙප්ට් එක තාම අපිට ටිකක් දරාගන්න ටිකක් අමාරුයි.



දික්කසාද වෙන්වීම ගැන කියනව නම්  අපේ රටේ ගොඩක්  ගැහැණු උදවිය තමන්ගේ ජීවිතේ බොහෝ ප්‍රශ්න මැද බොහෝ දුක් කම්කටොළු මැද තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප කරන අය ඉන්නවා. ඒ වගේම මොන තරම් හොඳ පවුල් පසුබිමක් තිබුණත් ඒ පසුබිම ඇතුළේ තමන්ගේ දරුවොත් දාල යන අම්මල ඉන්නවා. එතකොට ඒ අතරතුර තමන්ගේ වෙනත් සම්බන්ධතා මත තමන්ගේ හොඳට තියෙන පවුල සමගිය තියෙද්දිත් මොකක් හරි පව්කාර කමක් තියෙන නිසා වෙන කොහේදෝ තියෙන තැන සම්බන්ධයක් මත තමන්ගේ දරුව  සැමියා මරණ ගෑණුත් ඉන්නවා. මම නම් කවදත් දුක් කසාදයකට වඩා දික්කසාදයට බොහෝම කැමති මනුස්සයෙක්.


එකට ඉන්න බැරිනම් මරා ගන්නවා නම් හැමදාම ප්රශ්න නම් දික්කසාදය කියන්නේ හොඳ දෙයක්ද?

 අනිවාර්යෙන්ම ඒක විය යුතුයි. මොකද දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරි නම් ඒ දෙන්නාගේ ජීවිතේ තියෙන සතුට තියෙන වෙන වෙන පැති කඩවල් වල නම්. ඒ පැත්තට ගියොත් තමා හොඳ.. ඒක ලොකු පිනක්  මම දකින දේ මට දැනෙනවා නම්  මාත් එක්ක ජීවත් වෙන කෙනා සතුටු වෙන්නේ මගේ නෙමෙයි නම්..කියල මාව දැක්කම එයාට සතුටක් නැත්නම් මාත් එක්ක කතා කරන කෙනෙක්ට සතුටක් නැත්නම් එතකොට ඒ සතුට නැති මනුස්සය මම බලෙන් මගේ ග්‍රහණය තියා ගත්තා කියලා මට හම්බ වෙන්නේ නිකන් අර ශරීර කූඩුවක් විතරයි.
 මගබලාපොරොත්තුව හදවතින් අපිව ඇතුළේ පපුවේ තියාගෙන ඉන්න මනුස්සයෙක් .ඒක එතන වෙන කෙනෙක්ව තියාගෙන ඉන්න ගමන් අර මනුස්සයා ට බැහැ.
තදින් හිර කරලා මගේ ළඟ තියාගන්න හැදුවොත් මමත් වේදනා විඳිනවා. එයත් වේදනා  විඳිනවා. ඒ තැන්වලදී මම කරන්න ඕනෙ අනිවාර්යයෙන්ම එයාට සතුට තියෙන තැනට යවන එකයි. එයා සතුටු වෙන එකෙන් මට ලොකු පිනක් ලැබෙනවා. ඒ වගේම මට සෑහෙන හිතට සහනයක් ලැබෙනවා. මම නම් ඒක හරියටම කරපු කෙනෙක්
 මං මගේ ජීවිතේ මට දැනුණා. මට මගේ ජීවිතයේ මං වෙනුවෙන් සතුටක් නෑ කියල දැනුනාම මම කරේ එයාට නිදහසේ යන්න දීපුඑකයි.
 එතකොට එයා ඒ  සතුට ලබන එක මට ලොකු සතුටක්.. මම දන්නවනෙ.. මං ගත්ත සතුට තමයි එයාව රිලිස් කරපු. එක.

මං හිතන්නෙ ඒක හොඳයි. නොකියා ජීවිතවලින් යනවට වඩා සමහර වෙලාවට ගොඩදෙනෙක් ඒ දේවල් වෙලා හුඟක් කල් දැනගන්නෙ පහු වෙලා එතකොට රැවටීමක් තෙරෙනවා.  අරයා තාම මට මේක කියාගන්න විදියක් නෑ කියා ගන්න දෙයක් නෑ කියලා රවට්ටනවා.
හරි එහෙම ජීවිතයක් ඇතුලේ ජීවත් වෙනවාට වඩා හරිම කෙනෙක්ට ගට්ස් තියෙනවා නම් ඇවිල්ලා කියන්න  මට උඹත් එක්ක ඉන්න බෑ.  මට සතුටු වෙන තැනක හොයාගෙන යන්න ඕන කියලා හිතන එක හොඳයි එහෙම කියලා යනවා නම්ඒක ලොකු දෙයක් නමුත් මේ අනිත් පැත්ත ඒක මොනතරම් දුරට එකගව කරයිද කියලා මම දන්නේ නෑ.

තමන්ගෙ දරුවො දෙන්නත් එක්ක තනිවෙලා තමන් ආදරේ කරන කෙනා තමන්ව දාල යන්න හදද්දි. ඒක කරන්න පුළුවන් ද?

බැරි වෙන්න පුළුවන්. අපිට මුලදි ටිකක් අමාරු යි දරාගන්න බැහැ. අපිට හිතේ දුක අපේ ළඟ තියෙනවනේ ජීවිතේ අපි ආදරේ කළා ම මෙච්චරයි. මට මෙයා විතරයි මේ මගේ ජීවිතයේ අන්තිම කෙනා.


අද ගොඩක් අය කියන්නේ මේකට මගේ අන්තිම ආදරේ මේකද මගේ ජීවිතේ මෙච්චර මගේ ජීවිතේ එතනින් එහාට දෙයක් නෑ. ඉතින් අපි කොච්චර උනත් කතාවට කිව්වට මුහුදෙ ඉන්නෙ එක මාළුව කියල ඒක මාළුවාට නෑ අපි හැම තිස්සෙම දඟලන්නේ ඔහුගෙන් ඈත් වෙන ටිකක් හරි අමාරුයි කියලා.

මොකද  එදිනෙදා දවස ගානේ හම්බෙලා කතා කරලා හිනාවෙලා කෑම කාල ජීවිතේ ෂෙයාර් කරලා හැමදේම කරලා එකවර අපිට ඒ දේ නැති වෙනවා කියන හැඟීම එනකොට අමාරුයි.
අපිට දරාගන්න බැරි තනිකම කියන එක තමයි ඒ. මට පේන්නේ  මූද උඩ  ලස්සනටම රැල්ල ගහලම තිබ්බට මුහුදු පතුල හරි වෙනස්. එතන හරි ගැඹුරුයි හෙන ගල් තියෙනවා වැලි තියෙනවා.

 අපේ දේවල් තමයි අපිව පරිස්සම් කරන්නෙ.. ඒ දේවල් තමයි අපිව ජීවත් කරන්නෙත්. ඒ නිසා ජීවිතේ කියන එකේදී අනිවාර්යෙන්ම ඕනාට වඩා නිදහස බලාපොරොත්තු වෙන්න හදන එකෙන් අපි ඕනෑවට වඩා තනි වෙනවා. දරුවෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක් ගොඩක් වෙලාවට මේ දෙවැනි පාර කසාද බඳිද්දි එ්කට එක්කෙනා කතා කියනවා. හැබැයි. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් දෙවැනි පාර කසාද බදිද්දී කිසිදෙයක් කියන් නෑ.
ඉතින් මේ රටේ ඉතින් හැටිනේ..පිරිමි කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන්.
 ඉතින් මේ ඔය ගතානුගතික වගේ අදහස් එක්ක ජීවිතේ ගෙවන මිනිස්සු තාම ඉන්නවද කියලත් මට හරි පුදුමයි.

මම නැවත කසාද බැන්දොත් මම ඒ මනුස්සයාව සියට සියයක් ෂුවර් කරන්නත් බෑ. එහෙම තැනකදී මට දරුවො දෙන්නා තනියම තියල යන්නත් බෑ එහෙම ආරක්ෂාවක් නැති අනාරක්ෂිත පරිසරයක් මම කොහෙත්ම හදන්නේ ඒක හදන්න අපිට ආදරේ අවශ්‍ය වෙන්න පුළුවන්. ඒකනේ යම්තාක් දුරකට හෝ අපිට ආදරේ කියන එක ඕනේ.

දෙවැනි වර ළංවෙන. මිනිසුන්වත් ගැහැනුන් වත් මං දන්න තරමින් ඉඳලා නෑ. ඒ ගොල්ලොත් යනවා තමයි. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් දෙවෙනි පාර ආදරේ කරන්න හදද්දී එහෙම නැත්තන් පිරිමි ගේ ආදරයක් බලාපොරොත්තු වෙද්දි මිනිස්සු හරි අමුතු විදිහට දකින්නේ වෙනම කැටගරියකට දාල නරක නමක් කියන්නේ.

 ඔබේ ජීවිතේ දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් ඔබටත් පවුලක් තියෙනවා. බැරිවෙලාවත් ඔබට තනිවෙන්න වෙයි කියල හිතලා ඔබ දෙවැනි පාර කසාද බඳිනවද?.


නෑ මම තනිවෙලාතමයි ඉන්නේ. මා සතුටින් ඉන්නවා.   කසාද බඳින්න ඕනේ කාලේ කසාද බැන්දෙ නැත්තං තව කොහෙද කාලයක් කසදා බඳින්න.
 දැන් මගේ දරුවොත් ලොකුයි දරුවන් විවාහ වුණාට පස්සේ ඇත්තටම මම ගොඩක් තනිවෙයි තනියි කියන්නේ මගේ ජීවිතේ තනියෙන් ගත කරන්න වෙනවා. මොකද ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නේ හිතේ ඒක ලොකු ඈතක නෙමෙයි දැන් මගේ ලොකු දුව එන්ගේජ් උනා . එයා තව ටික දවසකින් එයා කසාද බැඳලා යයි පොඩි එක්කෙනාට දාහතයි. තව අවුරුදු වැඩිම උනොත් පහක් දහයක් වගේ කාලයක් වෙද්දි යයි.
ඉතින් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ නේද? මම හිතන දේ තමයි මගේ ජීවිතේ. මම ඊට පස්සේ මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මං ආස කරන දේවල් ගොඩක් තියෙනවා. මම සමාජ සේවයට කැමති මම සතුන්ට උපස්ථාන කරන්න කැමති අලි ඇතුන්ට බොහොම ප්රියයි ඔවුන් බලන්න යන්න ආශා කරනවා.බල්ලොන්ට සත්තුන්ට හරි ආසයි. මම මගේ එකම බලාපොරොත්තුව ඒ කාලෙදි මං ආස තැන්වල ඇවිදලා මට ඒ ඒ සතුට ජීවිතයට ගන්න පුළුවන් නම්. මට ඊට වඩා දෙයක් නෑ.