gaza-war-protesters

ගාසා තීරයට ඊශ්‍රායලය බෝම්බ හෙලීම නතර කරන ලෙස උද්ඝෝෂණ ඇරඹී තිබේ.
ජකර්තා සිට ටියුනිස් දක්වා ලොව පුරා මුස්ලිම් ප්‍රජාවට අයත් විරෝධතාකරුවන් මෙම ඉල්ලීම කර තිබේ.සති  දෙකකට ආසන්න කාලයක් පැවති දැඩි ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරවලින් පසුව 4,100 ක් මිය ගිය බව  ඔවුහු පවසති.
ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායල නගරවලට කඩා වැදී, මිනිසුන් 1,400ක් මරා දමා ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගත් සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම වන හමාස් මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක ඊශ්‍රායලයේ මිලිටරි ව්‍යාපාරයට
ඔවුන් සිය ඉල්ලීම සිදු කර තිබේ.


ඇතැම් බටහිර රජයන් ඊශ්‍රයාලයට සහයෝගය ප්‍රකාශ කර ඇති අතර, බොහෝ මුස්ලිම් රාජ්‍යයන් ගාසා තීරයේ කොන්දේසි  පිළිබද අප්‍රසාදය පල කර  සහයෝගීතාවය ප්‍රකාශ කරමින් වහාම සටන් විරාමයක් ඉල්ලා ඇත.

පසුගිය අඟහරුවාදා අගභාගයේදී රෝහලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් සියගණනක් මිය ගිය බව ගාසා බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසු හදිසියේම කලාපයේ බොහෝ ප්‍රදේශවල විරෝධතා මතු විය. හමාස් කියා සිටියේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් ඊට වගකිව යුතු බවයි.
නමුත් එය බැහැර කරමින්  පලස්තීන කණ්ඩායමක් විසින් දියත් කරන ලද අසාර්ථක රොකට් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලය චෝදනා කළේය.



විරෝධතාකරුවන් 6,000 කට වැඩි පිරිසක් අගනුවර මධ්‍යයේ පෙළපාලි ගිය අතර තවත් දහස් ගණනක් ඊශ්‍රායල තානාපති කාර්යාලය අසලට රැස් වූහ.
ඊශ්‍රායලය සමග දීර්ඝ කාලීනව පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවැත්වූ තවත් රටවල් දෙකක් වන තුර්කියේ සහ ඊජිප්තුවේ ද දහස් ගනනක් පෙලපාලිකරුවන් බෝම්බ ප්‍රහාරය නතර කරන ලෙස ඉල්ලා සිටියහ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අනුරුවක් පුළුස්සා,

පලස්තීන ධජය ඔසවමින් ඉස්තාන්බුල්හි බෙයාසිට් පල්ලිය ඉදිරිපිට 2000ක පමණ පිරිසක් රැස්ව සිටියහ.
මෑත දිනවල ඊශ්‍රායලයේ ගාසා ව්‍යාපාරයට එරෙහිව එහි රැස් වූ විරෝධතාවලට වඩා කුඩා විරෝධතාවක් වන මධ්‍යම ටියුනිස්හි සිය ගණනක් ජනයා පෙළපාලි ගියහ.
එසේම ඊශ්‍රායලයේ විශාලතම කලාපීය සතුරා වන ඉරානය සහ කලාපය වටා මිත්‍ර කණ්ඩායම් ද රාජ්‍ය අනුමැතිය ලත් විරෝධතා පැවැත්වීය. ඉරාකයේ, ටෙහෙරානයේ සහාය ලබන ෂියා සටන්කාමීන් බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය පිහිටා ඇති බලකොටු හරිත කලාපයට යන පාලම අසල සිය ගණනක් ආධාරකරුවන් බලමුලු ගැන්වූහ.

ජෝර්දානය සමඟ ඉරාකයේ දේශසීමාවේ, ඉරානයේ පිටුබලය ලබන පැරාමිලිටරි කණ්ඩායම්වල ආධාරකරුවන්ද  සිය ගනනක් ගාසා තීරයට සහය දැක්වීම සඳහා වාඩි වී සිටියහ.