gaza-war-update-two-hostages-free

ඊශ්‍රයාල හමාස් යුද්ධය අතරේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සිදුවීමක් අද වාර්තා විය.
හමාස් සංවිධානය පසුගිය සතියේ මවක හා දියණියක නිදහස් කිරීමෙන් පසු නැවතත් වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු වන Nurit Cooper සහ Yocheved Lifshitz  නිදහස් කර ඇත.


 නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් තවමත් රඳවාගෙන සිටින බව ඊශ්‍රායලය තහවුරු කර තිබේ.
ලිෆ්ෂිට්ස් මහත්මියගේ දියණිය පවසන්නේ ගාසා තීරයේ රැඳී සිටින තම පියා සහ අනෙකුත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට තමා උත්සාහකරන බවයි.
එය හමාස් සංවිධානය විසින් මුදා හරින ලද මුළු ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ නංවා ඇති අතර සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 200කට අධික පිරිසක් රඳවාගෙන සිටින බව ඊශ්‍රායලය පවසයි.

ඇමරිකානු-ඊශ්‍රායල් ජාතිකයින් දෙදෙනෙකු වන මව සහ දියණිය ජුඩිත් සහ නටාලි රණන් සිකුරාදා නිදහස් කරන ලදී